![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/13/mahinda%20amaraweera.jpg?itok=4sGbuTgF)
ගොවි ජනතාව විසින් වගා කරන එළවළු හා පලතුරු එම ගොවි ජනතාව විසින් ම අලෙවි කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන යාමේ දී අලෙවි සැල්හි අයිතිකරුවන් ඒවා ගොවීන් වෙතින් ඝෘජුවම මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන බව ගොවිජනතාව විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කළේය.
ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන එන එළවළු හා පලතුරු අතරමැදියන් මගින් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් මිල දී ගනු ලබන්නේ අතරමැදියන් පිරිසකගෙනි. මෙම අතරමැදි පිරිස ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද සූරා කෑමේ වැඩ පිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කරවන බව පෙනී ගොස් තිබේ.
එම නිසා මින් ඉදිරියට ගොවින් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එලවළු හා පලතුරු මිල දී නොගන්නා අලෙවි සැල්කරුවන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානවල අලෙවිසැල් බදු පදනම යටතේ ලබා දී ඇති ඒවා වේ. විශාල පිරිසක් දීර්ඝකාලයක් තිස්සේ ඒවායේ අලෙවි කටයුතු කරති. නමුත් ඔවුන් ආර්ථික මධ්‍යස්ථානවල මිල තීරණය කරන නාඩිකරුවන්ගේ ජාවාරම්වලට උඩගෙඩි දෙමින් ගොවි ජනතාවගේ නිෂ්පාදන කුණු කොල්ලයට ගසා කන අතර, වැඩි මිලට ඒවා අලෙවි කරමින් පාරිභෝගික ජනතාව ද පීඩාවට පත් කරයි.
මේ නිසා ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් හා ආර්ථික මධ්‍යස්ථානවලට පලතුරු හා එළවළු සපයන ගොවින් කැඳවා මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කරනු ලැබීය.
රජය විසින් ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන ලද්දේ ගොවි ජනතාව මෙන්ම පාරිභෝගික ජනතාව ද කළුකඩකරුවන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා වුවත් මේ වනවිට අප රටේ තිබෙන සියලු ආර්ථික මධ්‍යස්ථාන නාඩිකාරයින් ලෙස හදුන්වන ජාවාරම්කරුවන් පිරිසකගේ ග්‍රහණයට ලක්ව ඇත.
මෙම තත්ත්වය වළක්වා ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කර ගොවීන්ට කිසිදු අතරමැදියෙකුගේ සහයෝගය නැතිව තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට අලෙවි කිරීම සඳහා අවස්ථාව කඩිනමින් සළසන බව අමාත්‍යවරයා පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානවල තිබෙන කඩ කාමර සංඛ්‍යාව තවදුරටත් පුළුල් කිරීමටත්, ඒ සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල් යෙදවීමටත් සැළසුම් කර ඇත. එමෙන්ම ඇතැම් අලෙවිසැල් සමහරුන්ගේ පවුළේ බූදල් බවට පත් කර ගෙන ඇත.
ගොවි ජනතාවට හා පාරිභෝගික ජනතාවට සහනයක් ලබා නොදෙන අලෙවිසැල්වල දැනට නිකුත් කර ඇති බලපත් අහෝසි කර ඒවා වෙනත් අයට පැවරීමට විෂයබාර අමාත්‍යවරයා වශයෙන් තමන් තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට අප රටේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල බාරකාරත්වය කෘෂිකර්ම අමාත්‍යාංශයට විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිතුමන් විසින් පවරනු ලැබ තිබේ.
ඊයේ (12) කොළඹ දිස්ත්‍රික්කයේ සෝජාන් ක්‍රමයට එළවළු වගා කරන ගොවීහු හමුවූ අවස්ථාවේ ගොවීහු අමාත්‍යවරයාට ආර්ථික මධ්‍යස්ථානවල දැනට පවතින තත්ත්වය සැළ කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබීය.