EPF ගිණුම ONLINE පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් | Page 2 | සිළුමිණ

EPF ගිණුම ONLINE පරීක්ෂා කරන්න ක්‍රමවේදයක්

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබේ.
 
ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ  http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකිය.
 
අදාළ සාමාජිකයා සියයට 30ක ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්නද එහි සඳහන් වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. 

Comments