භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් වෙයි | සිළුමිණ

භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් වෙයි

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත. 
 
ඒ අනුව ලබන සතියේ එම සීමා ඉවත් කිරීමට නියමිත බව වාර්තා වේ.
 
පසුගිය වසරේ අගෝස්තු 23වැනිදා භාණ්ඩ 1,465 ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළේය. 
 
ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර්, පෙබරවාරි සහ ජුනි මාසවලදී ඉන් භාණ්ඩ කොටසක ආනයන සීමා ඉවත් කෙරුණි. 
 
ජුනි 09වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉලෙක්ට්‍රොනික උපකරණ, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු තවත් භාණ්ඩ 300ක ආනයන සීමාවන් රජය විසින් ලිහිල් කරනු ලැබීය.

Comments