![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/11/05_3.jpg?itok=NNbl8n3E)
ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුර සේවා බස් රථ කාල සටහන් ප්‍රථම වරට අන්තර්ජාලයේ සෙවුම් පද්ධතියට ඇතුළත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (10) සිදු කෙරිණි.
මේ මඟින් මගීන් හට ඉතා පහසුවෙන් 1315.lk වෙබ් අඩවියෙන් හා 1315.lk ජංගම යෙදුම මඟින් මෙම සේවාව අද සිට ලබා ගත හැක. එමඟින් මගී ජනතාවට තමන්ගේ ගමන් අවශ්‍යතාවයන් කල් ඇතිව වඩාත් පහසු ආකාරයට සැලසුම් කර ගැනීමේ පහසුකම හිමි වේ.
එලෙසම මෙම 1315.lk වෙබ් අඩවියට හා 1315.lk ජංගම යෙදුමට පිවිසීමෙන් තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කර ගැනීමේ හැකියාව ලබා දී ඇති අතර දිවයිනම ආවරණය වන පරිදි බස් රථ ගමනාන්ත සඳහා මගී ආසන වෙන් කිරීමේ හැකියාව මේ හරහා ලැබේ. sltb.eseat.lk හෝ 1315.lk යනු තත්‍ය කාල (real time) මගී ආසන වෙන් කිරීම සහ මගී ප්‍රවාහන තොරතුරු ලබා ගැනීම ඇතුළු සියලු පහසුකම් එකම තැනකින් ලබා ගත හැකි ශ්‍රී ලංකාවේ විශාලතම වෙබ් අඩවියයි. වෙබ් සහ ඇප් යන මාධ්‍ය දෙක හරහාම සම්බන්ධ විය හැකි මෙම සේවාව, පරිශීලකයන්ට වඩාත් පහසු අතුරුමුහුණතකින් යුතුව නිර්මාණය කර ඇත. මේ නිසා පරිශීලකයන්ට රථයේ ආසන සැලසුම අනුව කැමති අයුරින් ආසන වෙන් කිරීමටත් අවස්ථාව හිමි වේ. ආසන වෙන් කිරීමෙන් පසු e-ticket එක Sms සහ e-mail ඔස්සේ පරිශීලකයාට කල්තියා ලැබෙන නිසා කාර්යබහුල වේලාවන්වල වුවද අනවශ්‍ය කරදර, රස්තියාදු නොමැතිව කෙටි කාලයක් තුළ සේවාව ලබා ගැනීමේ හැකියාව උදා වේ. තවද ආසන වෙන් කිරීමෙන් පසු පරිශීලකයාට බස් රථය පිටත් වන කාල වේලාවන් සහ ස්ථාන පිළිබඳ තොරතුරු ද කලින්ම ලැබෙන නිසා බස් රථයට පහසු තැනකින් ගොඩ වීමටත් වෙන් කළ ආසනයේ ගමනාත්තය තෙක් සුවපහසුවෙන් යෑමටත් අවස්ථාව සැලසේ.
වෙබ් අඩවියට අමතරව දිවයින පුරා පිහිටි 40කට අධික ප්‍රධාන බස් නැවතුම් පොළවල පිහිටුවා ඇති කවුන්ටර් හරහා මෙන්ම 1315 ක්ෂණික ඇමතුම ඇමතීමෙන් ද මෙම සේවාව ලබා ගත හැක. මෙම ක්ෂණික ඇමතුම භාෂා 3න් සමන්විත 24 පැයේ ක්‍රියාත්මක සේවාවක් වන අතර, බස් ගමන් සේවා පිළිබඳ තොරතුරු, ආසන වෙන් කිරීම හා කොන්දොස්තර මහතා සමඟ සම්බන්ධීකරණය ආදී පහසුකම් ද ඕනෑම මොහොතක ලබා ගත හැකි වීම මේ ඔස්සේ සලසා ඇති තවත් විශේෂ පහසුකමකි.
ආසන වෙන් කිරීමේ පද්ධතිය, උපකාරක සේවාව සහ දෛනික වෙන් කිරීම් ආදී සියලු මෙහෙයුම් කටයුතු SLTB අධීක්ෂණය යටතේ මාස 9කට අධික කාලයක් පුරා තෝරාගත් බස් රථ සහ කවුන්ටර් ඔස්සේ සාර්ථකව අත්හදා බලා තහවුරු කරනු ලැබූ වැඩපිළිවෙළකි.
සමස්තයක් ලෙස මෙම සේවාව මඟින් මගී ජනතාවට අපහසුතාවය හා හිරිහැර අවම කිරීම, සුවපහසු ගමනාන්තයකට පහසුකම් සලසා දීමත්, ඉහළ විනිවිදභාවයකින් හා වගවීමෙන් යුතු ප්‍රවාහන සේවාවක පහසුව අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත. භෞතික මුදල් රහිතව ඔන්ලයින් ගනුදෙනු සිදු කිරීමට හැකි වීමත් මෙම සේවාවේ ඇති තවත් එක් සුවිශේෂතාවකි. තවද මෙහි සියලුම මුදල් ගනුදෙනු, ශ්‍රී ලංගම බැංකු ගිණුමකට බැරවේ. ඔන්ලයින් ගනුදෙනු රට තුළ ප්‍රචලිත වීම සඳහා ද මෙවැනි හඳුන්වාදීම් හේතුවක් වන අතරම ඒ මඟින් රටේ ආර්ථිකයට යහපත් ප්‍රතිලාභ රැසක් සැලසෙනු ඇතැයි ද සිතිය හැකිය. මෙම ආසන වෙන් කිරීමේ සේවාව තුළ මගී ජනතාවගේ අදහස්වලට ද ඉඩක් සලසා ඇති නිසා මේ හරහා සේවාවේ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් සිදු කිරීමට ද හැකියාව ලැබේ. අනාගතයේදී මෙය තවත් සේවාවන් රැසක් සපයන කේන්ද්‍රස්ථානයක් ලෙස ද වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන අතර, වෙනත් ප්‍රවාහන ක්‍රම සඳහා ද මෙය ඉදිරියේදී ඒකාබද්ධ කෙරෙනු ඇත.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
ගමනාගමන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ සංකල්පයේ තවත් පියවරක් ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ආසන වෙන් කිරීම සහ කාල සටහන් මාර්ග ගත ක්‍රමයට පරිවර්තනය කිරීමේ මෙම වැඩසටහනට සුවිශේෂී වැදගත්කමක් හිමි වෙනවා.
සැලසුම් සහගත, විධිමත්ව ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා නිශ්චිත සහ පැහැදිලි තොරතුරු ලබා ගැනීමේ හා ආසන වෙන් කිරීම් සිදු කර ගැනීමේ පහසුකම මේ සමඟ මගී ජනතාවට හිමි වෙනවා. ඩිජිටල්කරණයේ ආරම්භක පියවරක් ලෙස සිදු කෙරෙන මෙම වැඩසටහනේ ඉදිරි පියවර ලෙස e- ticketing සහ e- motaring සේවාවන් ද තවත් කෙටි කාලයක් තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වා දීමට අප කටයුතු කරනවා.
වැඩි වැඩියෙන් බස් රථ සහ මාර්ග පද්ධති පද්ධතියට ඇතුළත් කිරීම මඟින් වඩාත් පරිපූර්ණ සේවාවක් ලෙස අනාගතයේදී මෙම සේවාව ජනතාවට සමීප කිරීමත්, මගී ජනතාවගේ දෛනික ගමනාගමනයේ කොටසක් බවට පොදු ප්‍රවාහන මාධ්‍ය පත් කිරීමට ද මෙම සේවාවේ දිගු කාලීන අරමුණ ලෙස ක්‍රියාවට නංවනවා.
ඒ මඟින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණ, අක්‍රමිකතා අවම කරමින් ආයතනය ලාභ ලබන තත්ත්වයට කෙටි කාලයක් තුළ ළඟා වීමේ හැකියාව ද හිමි වනු ඇති බව මා විශ්වාස කරනවා.
ලංකා ගමනා ගමන මණ්ඩල සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.