![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/11/gazette.jpg?itok=myldqXqj)
2023- 2024 වර්ෂවලට අදාළව ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙරට 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණි.
එහෙත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජය පියවර ගත්තේය.
මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදුකර ඇති අතර අවසන් වරට 2012 වසරේදී ජන හා නිවාස සංගණනයක් පවත්වා තිබේ.