![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/10/areoplan.jpg?itok=w6TKa9nP)
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ,ඍජු ගුවන් ගමන් සේවාවක් ඊයේ (09) රාත්‍රියේ සිට ආරම්භ විය .
ඒ අනුව එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්.- 140 දරන ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී 10.10 ට තායිලන්තයේ දොන් මුවාන් ( Don Mueang ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් ගමන සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර ,එම ගුවන් යානයෙන් ගුවන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 07 දෙනෙකු ද පැමිණ සිටි අතර මෙම ගුවන් යානය යළි ආපසු ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගියහ .
මින් පසුව තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක කෙරෙන අතර , එනම් සදුදා ,බදාදා ,සිකුරාදා සහ ඉරිදා යන දින වල රාත්‍රී 10.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා ,යළි රාත්‍රී 11.00 ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන් තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතය.
මෙම ගුවන් ගමන සදහා පැය 03 යි විනාඩි 15 ක කාළයක් ගත වන අතර ,මෙම ගුවන් සේවයෙන් පැමිණ පිටත්ව යාම සදහා (Up and Down ) ගුවන් යානා ප්‍රවේශ පත්‍ර දෙකම සදහා රුපියල් 50,000 ක මුදලක් පමණක් වන බව එම ගුවන් සේවයේ ප්‍රකාශිකාවක පැවසුවාය .
මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් පැවති අතර ඒ සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ගුවන් සංතරණ සේවා ප්‍රධානී නිශාන් අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ .