CRIB වාර්තාව දැන් ඔන්ලයින් | Page 2 | සිළුමිණ

CRIB වාර්තාව දැන් ඔන්ලයින්

ණය තොරතුරු වාර්තාව (CRIB REPORT) දැන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට නොපැමිණ නිවෙසේ සිට ඔන් ලයින් ක්‍රමයට ලබා ගත හැකි බව එම කාර්යාංශයේ මෙහෙයුම් කළමනාකරු ඉන්දික දිසානායක 'සිළුමිණ'ට පැවසීය.

මෙතෙක් පුද්ගලයකුට ණය තොරතුරු වාර්තාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට පැමිණීම අත්‍යවශ්‍ය විය. මෙම නව ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීමෙන් පසු ණය තොරතුරු වාර්තාවට අදාළ ගෙවීම්ද ඔන්ලයින් ක්‍රමයට සිදු කළ හැකි වීම විශේෂත්වයකි. මේ අතර ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ කාර්යාලය ජනතාවට වඩාත් පුළුල් සේවාවක් ලබාදීමට නව කාර්යාලයකට පිවිස ඇත. කොළඹ 02, ජේම්ස් පීරිස් මාවතේ අංක 201 දරන ස්ථානයේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ කාර්යාලය (පිත්තල හන්දිය) පිහිටුවා ඇත.

Comments