![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/07/10-3.jpg?itok=J1D4GgaQ)
“දේශසීමා ඉක්මවා යාම” තේමාව යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය විසින් සංවිධානය කළ ඉන්දියානු සංචාරක සම්මේලනය පසුගිය 6 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උත්සව සභාවට පැමිණි අවස්ථාවයි මේ. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඉන්දියානු සංචාරක නියෝජිත සංගමයේ සභාපති ජෝති මායල් ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙහිලා තවත් එක් පියවරක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරිම සඳහා 600 කට ආසන්න දූත පිරිසක් එක්ව සිටියහ.
(සටහන - ඉනෝකා පෙරේරා /- ඡායාරූපය - චින්තක කුමාරසිංහ)