මිල වැඩි වුණත් ලොතරැයි අලෙවිය ඉහළට | Page 3 | සිළුමිණ

මිල වැඩි වුණත් ලොතරැයි අලෙවිය ඉහළට

ලොතරැයි මිල වැඩි කළ පළමු දිනයේම (ජුලි 6 දා) රුපියල් ලක්ෂ 20 ඉක්මවා අලෙවියක් වාර්තා වූ බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) මෙනුර චතුරංග පැවසීය.

සාමාන්‍යයෙන් ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් දෛනිකව ලක්ෂ 40 ඉක්මවා අලෙවි වේ. මිල වැඩි කිරීමෙන් එම ප්‍රමාණයෙන් සියයට 50කට වැඩි අලෙවියක් අපේක්ෂා කරන බවත් එම අපේක්ෂිත ඉලක්කයට ළඟාවීම අසීරු නොවනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සෑම ලොතරැයි පතකම තෑගි මුදල සහ දිනුම් අවස්ථා වැඩිකර ඇති බවත් ඇතැම් ටිකට්පත්වල ත්‍යාග මුදල දෙගුණයක් දක්වා වැඩි කර ඇති බවත් මෙනුර චතුරංග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments