පළාත් 3කට වැසි ඉදිරියටත් | Page 3 | සිළුමිණ

පළාත් 3කට වැසි ඉදිරියටත්

බස්නාහිර සහ සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බව දවසේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පවසයි. ඒ අනුව වයඹ පළාත තුළ ද වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතියි.

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද පළාත්වලත් විය. පුත්තලම හා හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 40 - 45ක තරමක තද සුළං ඇති විය හැකි විය හැකිය.

පසුගිය දින කිහිපයේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ බලපෑමට ලක් වූ පුද්ගලයන් පිළිබඳ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණි. අනුරාධපුර, පොළොන්නරුව, ගම්පහ, කළුතර, මාතර, ගාල්ල, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් වාර්තා වූ තොරතුරුවලට අනුව වර්ෂාවෙන් බලපෑමට ලක් වූ පවුල් ගණන 1,214ක් වන අතර, පුද්ගලයන් 4,831ක් බලපෑමට ලක් වී තිබේ. මේ තත්ත්වය නිසා තුවාල වූ පුද්ගලයින් ගණන නවයකි.

වර්ෂාවේ බලපෑමෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස ගණන තුනකි. අර්ධ හානි ලෙස නිවාස 1145ක් වාර්තා වේ. කෙසේ නමුත් ඉදිරි දින කිහිපයේ දී වර්ෂාවේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පවසයි

Comments