![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/07/manusha-nanayakkara-2.jpg?itok=rAdijvx2)
පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල යටතේ ඇති ආයතනවල වැටුප් ව්‍යුහයන් තීරණය කිරීමට පඩිපාලක සභා තීරණ සහ ව්‍යවස්ථාපිත නීතිය තුළ අවම වැටුප් තීරණය කරන ක්‍රමය වෙනුවට ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වා දීමට යෝජනා කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සිළුමිණට හෙළි කළේය. එම ජාතික වේතන කවුන්සිලයට කාලීන වශයෙන් අවශ්‍ය වන හා පිළිගත් නිර්ණායකයන් මත අවම වැටුප් තීරණය කිරීමට බලය පවරනු ලබයි.
වර්තමානයේ බලපවත්වන නීති රීති රැසක්ම දශක ගණනාවක් ඉපැරැණි හා ඇතැම් ඒවා ක්‍රියාත්මක කිරීම පවා අපහසු හෙයින් නූතන වැඩ ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කර ඇත.
සේවක පාරිතෝෂික දීමනා ගෙවීමේදී දැනට පවතින අවුරුදු 5ක සේවා කාලය සහ ආයතනයේ සේවකයන් 15ක් සිටීමේ සීමාව ඉවත් කර වර්ෂයකට දින 180ක් සේවය කරනු ලබන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස ½ක පාරිතෝෂිකයක් ගෙවීමට නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමත්, ගෘහ සේවය කම්කරු නීතියේ ආවරණයට ඇතුළත් කිරීමත් අර්ධ කාලීන (Part time) රැකියාවල නියුක්ත වීමට අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමත් වෙනුවෙන්ද යෝජනා ඉදිරිපත් කර තිබේ.