උ.පෙළ වසර අවසානයේ සා.පෙළ ලබන වසර මුල | Page 2 | සිළුමිණ

උ.පෙළ වසර අවසානයේ සා.පෙළ ලබන වසර මුල

මේ වසර අවසානයට පෙර 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදන බවත්, 2023 වසරේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේදීත් පැවැත්වෙන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේජයන්ත සිළුමිණට ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවත්, එම පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතුවලින් අනතුරුව සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදන බවත්ය.

මේ අතර අපොස උසස් පෙළ 2023 විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් කැඳවීම ජූලි 7 වෙනිදා සිට ජූලි 28 දා දක්වා මාර්ගගතව සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ජූලි 7 සිකුරාදා නිවේදනය කළේය.

වසර 2022 අගෝස්තු විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින එමෙන්ම නැවත විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ද ජූලි 28 දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුය.

Comments