ලග්න සහ ග්‍රහයන් අතර බැඳීම් සිදුවන හැටි පැහැදිලිව දැනගත හැකි වගු ව මෙන්න | සිළුමිණ

ලග්න සහ ග්‍රහයන් අතර බැඳීම් සිදුවන හැටි පැහැදිලිව දැනගත හැකි වගු ව මෙන්න

 

ජ්‍යොතිෂයේ ලග්න සහ ග්‍රහයන් අතර  බැඳීම ගැන දැනගන්න

ලග්නාධිපති ග්‍රහයා අදාළ ලග්නයේ  සැම විටම ස්වක්ෂේත්‍රයි

 

පෘථිවි ගෝලයේ සමකයට ආසන්නව දීප්තිමත්ව ආලෝකය විහිදුවමින් පවතින තරු පොකුරු දොළහක් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, ලෙස නම් කර ඇත. මෙම ලග්න දිනකට වරක් උදා වී බැස යයි.

දරුවෙකු ජන්මය ලබන විට උදා වී ඇති ලග්න තාරකාවේ රැස් කදම්භය හිරු එළියේ පරාවර්තනයද සමඟ ජන්මය ලැබූූ දරුවාගේ සිරුරට පතිත වෙයි.

මේ නිසා සිරුරේ සෛල ජෛව රසායන විපර්යාසයන්ට ලක්වී ලග්න රාශියට අදාළ සුවිශේෂ ගතිගුණ දරුවාට පිහිටයි. උදාව තිබුණු ලග්නය දරුවාගේ ජන්ම ලග්නයයි.

හිරුගේ ග්‍රහ මණ්ඩලයෙහි හිරු හෙවත් රවි මුල් තැනෙහි ලා හිරු වටා පරිභ්‍රමණය වන කුජ, බුධ, ගුරු, සිකුරු, හා ශනි ග්‍රහයින්ද ඡායා ග්‍රහයන් වන රාහු හා කේතු ද පොළවේ කක්ෂය වටා පරිභ්‍රමණය වන සඳුද බොහෝ ඈතින් පිහිටි යුරේනස්, නැප්චුන් හා ප්ලුටෝ ග්‍රහයින්ද මිනිසාට බලපාන ග්‍රහයන්ය.

මෙම ග්‍රහයින් ජන්ම කේන්දරයේ භාව දොළහේ නියමිත කාල පරාසවල තැන්පත් වෙයි. මෙලෙස චලිත වී ගෝචර වන ග්‍රහයන් ලග්න හිමියාට සුබ හෝ අසුබ ගෙන දෙයි.

ජ්‍යොතිෂයේදී ලග්න හා ග්‍රහයන් අතර බැඳීම මෙම වගුවෙන් පැහැදිලි වෙයි. සැම විටම ලග්නාධිපති ග්‍රහයා අදාළ ලග්නයෙහි ස්වක්ෂේත්‍ර වෙයි. සම, සතුරු, මිතුරු, උච්ච සහ නීච තත්ත්වය, සුබ හෝ බාධක තත්ත්වය වගුවෙන් පැහැදිලි වෙයි.

වැඩිම යහපත ලබා දෙන්නේ යෝග කාරක ග්‍රහයාය. වැඩිම අපල ගෙන දෙන්නේ මාරක ග්‍රහයාය.

වර්තමාන ලග්න කේන්දරයෙහි ග්‍රහ පිහිටීම අනුව ඉහත වගුව භාවිතයෙන් ඔබට ඇති වන සුබ අසුබ පල පිළිබඳව පැහැදිලි කර ගැනීම පහසුය.

 

ජ්‍යොතිර්වේදී ජේ. බී. ඒකනායක

Comments