
ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්දරයක 10 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 10 වැනි, 2 වැනි හෝ 6 වැනි භාවයක නිවේදන ග්‍රහයකු නම් කිසියම් වෘත්තියක යෙදීමේ වාසනාව ඇත
අප හැම දෙනාම කවර හෝ ආදායමක් ලබා ගැනීමේ මාර්ගයකට යොමු වී ඇත්තෙමු. එය අපගේ ජීවනෝපාය මාර්ගයයි. මේ වෘත්තීන්ද විවිධාකාරය. බොහෝ දෙනෙකු රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවල නියුතු වෙමින් ඒ සේවාවන් සඳහා වැටුප් ලබති. මෙසේ වැටුප් ලබමින් සේවාවල නියුතු සමහර අය වෙනත් ආදායම් මාර්ගවලට ද යොමු වෙති. තවත් සමහර අය රැකියාවක් නොකර, ඔවුන් සතු දේපළ ආදිය මඟින් ආදායම ලබාගෙන දිවි ගෙවති. මේ සියලුම ආදායම් මාර්ගවලට යොමු නොවී කෙසේ හෝ දිවි ගෙවන අයද නැත්තේ නොවේ.
ජන්ම පත්‍රයක 10 වැනි භාවය පරීක්‍ෂා කිරීම මඟින් එය හිමියාගේ වෘත්තිය කුමක් දැයි හඳුනාගත හැකි වෙයි.
ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්දරයක 10 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 10 වැනි හෝ 2 වැනි හෝ 6 වැනි භාවයක නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් වෘත්තියක යෙදීමේ වාසනාව ලබයි. එසේම 10 වැනි, 2 වැනි සහ 6 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ මහ දශාව සහ අතුරු දශාවලදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන කාල සීමාවලදී කිසියම් වෘත්තියකට යොමු වෙයි.
මෙම ජන්ම කේන්දරයේ 10 වැනි භාවය සිකුරු හිමි තුලා රාශියේ රාහු හිමි නක්‍ෂත්‍රයක සහ සිකුරු හිමි උපස්ථානය ය. උපස්ථානය අධිපති සිකුරු 1, 2, 3, 5 සහ 10 වැනි භාව නිවේදකයෙකු විය. උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා ශනිය. මේ ශනි ග්‍රහයා 1, 2, 3, 5 සහ 9 වැනි භාව නිවේදකයෙකු විය. ඒ අනුව මේ ජන්මියා වෘත්තියක යෙදීමේ වාසනාව ලබා ඇත.
භාව නිවේදක ග්‍රහයන්
10 වැනි භාවය; භාවය අධිපති සිකුරු ග්‍රහයා ය. සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක කුජ ග්‍රහයා තැන්පත්ව ඇත. 10 වැනි භාවයේ වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.
6 වැනි භාවය; භාවය අධිපති බුධ ග්‍රහයා ය. බුධ ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල රවි, ශනි සහ රාහු යන ග්‍රහයන් තැන්පත්ව සිටියි. මෙම 6 වැනි භාවයේ වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.
2 වැනි භාවය; භාවය අධිපති ශනි ග්‍රහයා ය. ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල බුධ සහ සිකුරු යන ග්‍රහයන් තැන්පත්ව සිටිති. මෙම 2 වැනි භාවයේ බුධ සහ සිකුරු යන ග්‍රහයන් තැන්පත්ව සිටියි. බුධ ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල රවි, ශනි සහ රාහු යන ග්‍රහයන් තැන්පත්ව සිටියි. සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක කුජ ග්‍රහයා තැන්පත්ව ඇත.
මේ අනුව 10 වැනි, 6 වැනි සහ 2 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, කුජ, බුධ, රවි, ශනි, සහ රාහු යන ග්‍රහයන් වෙති.
මෙම ග්‍රහයන්ගේ පලදායි නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියාට කිසියම් වෘත්තියක යෙදීමට හැකි වෙයි.
මෙම ග්‍රහයන්ගේ පලදායි නිවේදකත්වය ඇති ග්‍රහයන් තෝරා ගනිමු.
භාව නිවේදක ග්‍රහයන් - සිකුරු, කේතු, ගුරු, රාහු, කුජ, රවි, සඳු සහ බුධ
පාලක ග්‍රහයන් - බුධ, රවි, කේතු සහ ශනි
පොදු ග්‍රහයන් - බුධ, රවි, කේතු
මෙම පලදායි නිවේදකත්වය ඇති ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියාට වෘත්තියක යෙදීමට හැකි වෙයි.
ක්‍රිස්තු වර්ෂ 2012 මැයි මාසයේ 28 වැනි දින සිට 2030 මැයි මාසයේ 28 වැනි දින දින දක්වා රාහු ග්‍රහයාගේ මහ දශාවද,
ක්‍රිස්තු වර්ෂ 2022 නොවැම්බර් 28 වැනි දින සිට 2023 දෙසැම්බර් මාසයේ 16 වැනි දින දක්වා රාහු ග්‍රහයාගේ මහ දශාව සහ කේතුගේ භුක්තියද පවතියි. මෙම කාල සීමාව තුළ ජන්මියාට වෘත්තියක යෙදීමට හැකි වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
ජී. එච්. ඩබ්ලිව්. සිල්වා