
ඇතැම් සිද්ධස්ථානවල පිහිටි ග්‍රහයන්ගේ ප්‍රතිමා නිර්මාණය කර ඇත්තේ ඒවාට කිසියම් බලයක් ලැබෙන අයුරින්
පුද පූජා තබන ග්‍රහයන්ගේ පිළිරූවලට වන්දනාමාන කළ විට ලැබෙන සහනය
ග්‍රහ තරු මඟින් අපට නොපෙනෙන ලෙස අපගේ ජීවිතවලට බලපෑම් ඇති කරනුයේ කෙසේද? එසේ කිරීමට හැකියාවක් තිබේද? යනුවෙන් අද බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන තත්ත්වයක් නූතන විද්‍යාව සමඟ ඇතිවී ඇත. අප ජ්‍යොතිෂය ගැන කතා කරන විට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සූර්යයා වටා භ්‍රමණය වන ග්‍රහයන් සූර්යයාද මූලිකව ගෙන එනම් රවි - ඉර, හිරු ද, බුධ ග්‍රහයා ද, අඟහරු ග්‍රහයා කුජ ලෙස ද, බ්‍රහස්පති ග්‍රහයා ගුරු ලෙස සිකුරු ග්‍රහයා ශුක්‍ර ලෙස ද සෙනසුරු ශනි ලෙස ද අප අසලින්ම ඇති චන්ද්‍රයා සඳු ලෙස ද මීට අමතරව අපට නොපෙනෙන රාහු සහ කේතු යන උපකල්පිත දෙදෙනා ද අපගේ කේන්දර සටහනේ අපට ජීවිතයට බලපෑම් මෙන්ම හොඳ නරක දෙකම ලබා දෙන ආකාරය ජ්‍යොතිෂය නමැති තෙරක් නොපෙනෙන ශාස්ත්‍රයේ අත්තිවාරම ලෙස පදනම්ව ඇත.
මෙහිදී ඈත අතීතයේදී ජීවත්වූ අය අපට ආලෝකය දෙන දිවා රාත්‍රි වෙනස උණුසුම ආදී සියලු දේ සපයන සූර්යයා ගැන අධ්‍යයනය කරන විට සූර්යයා පමණක් නොව රාත්‍රියේදී දක්නට ඇති චන්ද්‍රයාගෙන් ද අපගේ ජීවිතවලට බලපෑමක් ඇතිවන ආකාරයක් පෙනේ.
එයට අමතරව තවත් අයුරින් ජීවිතවලට බලපාන්නාවූ තවත් දේ ගැනද යම් ආකාරයක සංවේදී බවක් ඇතිවීම නිසා ඒ ගැනද ගැඹුරින් අධ්‍යයනය කරන විට එම සිදුවීම්වලට හේතු වන තරංග, ශක්තිය මෙම අධ්‍යයනයන්ට ගෝචර වීම නිසා ඒ කුමක්ද යන්න සොයා වෙහෙසෙන ඔවුන් හට හිරු වටා ගමන් කරන මෙම ග්‍රහයන්ගේ චලිතය ජීවිතවලට බලපෑමක් ඇති කරන ආකාරය කෙසේද සිදු වන්නෙ, ඒවා කුමක්ද යන්න නිර්ණය කෙරේ. හිරුගේ වටා භ්‍රමණය වන බුධ, සිකුරු, බ්‍රහස්පති, සෙනසුරු, අඟහරු ද අප අසලින්ම ඇති සඳුද හිරු සමඟ ගමන් කරමින් ඔවුන් වටා පරිභ්‍රමණය වීමේදී ඇතිවන තරංගවල ශක්තිය මඟින් මිනිසාට බලපෑම් ඇතිකරන බව අධ්‍යයනය කරමින් සිටියද තවත් නොපෙනෙන ශක්තීන් මඟින්ද මිනිස් ජීවිතවලට බලපෑම් ඇති කරන බව අවබෝධ වේ.
මේ අයුරින් ග්‍රහයන් සොයාගෙන ඔවුන්ගේ බලපෑම මේ සඳහා එම බලපෑම් සිදුවන කාල නිර්ණය කිරීම සඳහා යම් අයකු උපත ලබන අවස්ථාවේදී නැඟෙනහිර ක්ෂිතිජයේ තාරකා පිහිටන ආකාරය අනුව ගණනය කර උප්පත්ති කේන්දරය නැතිනම් භාව කේන්දර සටහන සාදයි.
එහිදී ඒ ඒ අවස්ථාවන්වලදී ග්‍රහයන් පිහිටන ස්ථාන අනුව සුබ අසුබ, පෙර ජන්මය, කුසල් අකුසල් මේ අත්භවයේදී සිදුවිය හැකි දේවල් එම වකවානුව, ධනය, ජීවිතය ආදී වශයෙන් විස්තරාත්මකව ඉදිරිපත් කර එම පුද්ගලයාගේ ජීවිතය ගෙන යා යුතු ආකාරය පිළිබඳව සටහනක් තබනු ලබනවා ඇත.
මෙම විශිෂ්ට ශාස්ත්‍රය අතීතයේ දක්වන ලද හේතු සාධක සමඟ නැවතත් පරිශීලනය කරමින් මෙම ග්‍රහයන්ගෙන් සිදුවන යහපතින් ප්‍රයෝජන ගැනීමටත්, අයහපතින්, විපත්, අපල ආදියෙන් ආරක්ෂා වීමටත් කළ යුතු වත්පිළිවෙත් ඉදිරිපත් කරයි. ඒ ඔස්සේ මෙම ක්ෂේත්‍රයේ ඇති වටිනාකම කුමක්ද යන්න මනුෂ්‍යයා වෙත පහදා දෙමින් ඇත.
විශේෂයෙන් මෙම තරංග සහ කිරණවලින් මිනිසාට සිදුවන බලපෑම අවැඩ අවම කරගැනීමට එනම් විපාක අඩුකර ගැනීමට මූලික සිද්ධාන්තයන් උපයෝගී කරගෙන කළ යුතු වත්පිළිවෙත් නිර්ණය කරයි.
එහිදී ඒ ඒ ග්‍රහයන්ගෙන් ඔවුන්ට ආවේණිකව සිදුවන අවැඩ නැතහොත් අපලයන් සමනය කිරීමට පිළියම් ලෙස දක්වා ඒ ඒ ග්‍රහයන්ගේ බලපෑම් විශේෂිතව වෙන් වෙන් ආකාරයෙන් මා මීට පෙර ලිපි මඟින් දක්වා ඇති පරිදි පුද පූජා පවත්වා අප දන්නා දේව මණ්ඩලවලට අධිගෘහිත දෙවියන්ගේ පිහිටද ලබා ගන්නා සේම එම කිරණයන් අවශෝෂණය කර අපගේ ශරීරයට ඇති අහිතකර තත්ත්වයන් සමනය කරගෙන එම කිරණ මඟින් අපගේ එම කාලවකවානුවේ ගත කරනු ලබන මහ දශාව හිමි ග්‍රහයාගේ ශක්තිය අපගේ වැඩ කටයුතුවල දියුණුව සඳහා උත්තේජනයක් ලබා ගැනීමට ද යම් යම් පාෂාණයන් වර්ගයන් ද මෙම සොයා ගැනීම් මඟින් මනුෂ්‍යයාට දායාද කොට ඇත.
මේ අයුරින්ම ඇතැම් සිද්ධස්ථානයන්හී එම ග්‍රහයන්ගේ ප්‍රතිමාවන් ද නිර්මාණය කර ඇති බව ඔබ දැක ඇතැයි සිතමි. මෙහිදී එම ප්‍රතිමාවන් නිර්මාණය කරනුයේ මෙම ජ්‍යොතිෂය මඟින් සොයාගන්නා ලද එම ග්‍රහයන්ගේ විවිධ වූ ගුණයන් අනුව හැඩරුව නිර්මාණය කර එම ග්‍රහයන්ගෙන් නික්මෙන කිරණවල ශක්තිය එම ප්‍රතිමාවන් විසින් අවශෝෂණය කරගන්නා ලෙස ඉතාමත් ගැඹුරු අධ්‍යයනයකින් පසුවය. මෙහිදී මෙම නිර්මාණයන් කරන අවශෝෂණය සඳහා විශේෂිත වූ දෙයක් සිදු කරන බව ඇතැම් විට ඔබ නොදන්නවා ඇත. එනම් එම ග්‍රහයන්ට ප්‍රිය වන ශාක, ඖෂධ, ක්ෂාරයන් සමඟ ඉතාමත් පිරිසිදු මැටි කළවම් කර එම ප්‍රතිමා නිර්මාණය සිදු කරනවා ඇත.
එම ප්‍රතිමා නිර්මාණයෙන් අපට ලැබෙන දායාදය නම් මෙම අනන්ත විශ්වයේ ඇති එම ග්‍රහයන්ගෙන් අවශෝෂණය වන ශක්තිය අප විසින් කරනු ලබන්නා වූ පුද පූජාවන් මඟින් පිහිට ඉල්ලා සිටීමේදී එම අවශෝෂිත ශක්තිය එම කිරණ අපගේ මනසට සිරුරට ලබා ගෙන ඒ මඟින් අප ශරීරය ඒ අයහපත් දේවලින් ආරක්ෂා වීමට අප ශරීරයේ ඇති ශක්තියට උත්තේජනයක් ලබා ගැනීමට ඇති හැකියාවයි.
මෙය සත්‍ය වශයෙන්ම අතිශය සංකීර්ණ මෙන්ම විස්මයජනක ගුණ දෙන සිදු වීමක් වන අතර එය බොහෝ අයට තේරුම් ගැනීමට අපහසු වනුයේ මෙම ශාස්ත්‍රය පිළිබඳ ගැඹුරු දැනීමක් සියලු දෙනා තුළම පිහිටා නැති නිසාය.
බොහෝ විට බොහොමයක් දෙනා මෙම ප්‍රතිමා නිර්මාණය ගැන සිතනුයේ එය නිකම්ම වර්ණවත් කළ මැටි ගොඩක් විය හැකිය කියාය. නමුත් සත්‍ය වශයෙන්ම එයින් සිදුවන දෙය දැන් ඔබ දන්නවා ඇතැයි සිතමි. මෙම ස්ථානයන් සත්‍ය වශයෙන්ම මෙම විශ්ව ශක්තිය ගැබ් වුණු ස්ථානයන්ය. එම ස්ථානයන්හිදී අප ශරීරයේ ඇති අහිතකර කිරණ, අපවිත්‍රතා, අනෙකුත් සම්බන්ධතා බොහෝමයක් මෙම විශ්ව ශක්තිය මඟින් මැඬ පවත්වා අපට මානසිකව මෙන්ම ශාරීරිකව ද සහනයක් ලබා දෙන බව සත්‍ය වශයෙන්ම කිව හැකිය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, අගස්ති ප්‍රනාන්දු