ධනුෂ්ක ගුණතිලක ජූරියක් එපා කියයි | සිළුමිණ

ධනුෂ්ක ගුණතිලක ජූරියක් එපා කියයි

සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව, විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇති බව සදහන්වේ. 
 
ඔහුගේ නීතීඥවරුන් කරනු ලැබූ මෙම ඉල්ලීම සම්බන්ධ තීරණය ලබන 24වැනිදා ලබාදෙන බවට අධිකරණය එහිදී දැනුම් දී ඇත.
 
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී පැවති පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත 32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැණුනේ නොවැම්බර් 06 වැනිදාය.
 
ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක මුදල් ඇපයක් මත මුදා හැරිණි.
 
අනතුරුව ඔහුට එරෙහිව චෝදනා 04 ක් ගොණු කෙරුණු අතර පසුව ඉන් චෝදනා 03 ක් විමර්ශන නිළධාරීන් විසින් ඉවත් කරගනු ලැබීය.
 
කෙසේවෙතත් බලහත්කාරයෙන් ලිංගික කටයුතු සිදුකිරීම යන චෝදනාවට එරෙහිව ඔහුට එරෙහිව නඩු විභාගයක් ඉදිරියේදී ආරම්භවීමට නියමිතය. 
 
 
 

Comments