ලෝකයේ නපුරුම කුරුල්ලන්ගේ ලංකා ආගමනය | සිළුමිණ

ලෝකයේ නපුරුම කුරුල්ලන්ගේ ලංකා ආගමනය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ " ද්විත්ව කරමල් කැසොවරි "( Double Wattled Cassowary ) කුරුල්ලන් තිදෙනකු ඊයේ (05)  දින රාත්‍රී තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
 
මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කැසොවරි කිරිල්ලියක මෙලෙස එවා ඇත.
 
උස අඩි 05 ක් පමණ වැඩෙන , කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන මෙම කැසොවරි කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන  ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් වේ . 
 
ඉතාම වර්ණවත්  මෙම කුරුල්ලන්ට අහසේ පියාඹිය නොහැකි වීම විශේෂත්වයකි .
 
මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් මීමින්නන් , කළු වදුරන් , රිළව් , වළිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කීපයක්ම  යැවීමට සූදානම් කර තිබේ .
 
මෙසේ තායිලන්තයේ සිට ගුවන් මගින් පැමිණ තිබූ කැසොවරි කුරුල්ලන් භාර ගැනීම සදහා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය , සත්ව පාළක අශෝක ජයලත් සහ සත්ව භාරකරු අසංක ප්‍රනාන්දු යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියහ .

Comments