
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇතැයි ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු ඇත.
එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,690කි.
මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දැමෙනු ඇත.
එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1476කි.