පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දර | සිළුමිණ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දර

 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී අද (06) සිදු විය.
 
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු වූ අතර මේ මගින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
 
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති  අංගජන් රාමනාදන්, අමාත්‍ය  බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය  ශාන්ත බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක  ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු සහභාගී වුහ. 
 
එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, තැපැල්පති එම්.ආර්.පි. සත්කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

Comments