තද වැසි සහ සුළං තත්ත්වයේ තරමක අඩුවීමක් | සිළුමිණ

තද වැසි සහ සුළං තත්ත්වයේ තරමක අඩුවීමක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි සහ සුළං තත්ත්වයේ තරමක අඩුවීමක් අද (06) දිනයේ දී  බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
 
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
 
වයඹ පළාතේත් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැක.

Comments