ලංකා සීනි සමාගම පෙරුම්මඩ භාවිතයෙන් ජෛව පොහොර නිෂ්පාදනය කෙරේ | Page 3 | සිළුමිණ

ලංකා සීනි සමාගම පෙරුම්මඩ භාවිතයෙන් ජෛව පොහොර නිෂ්පාදනය කෙරේ

 
ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සහ පැල්වත්ත කර්මාන්තශාලා වල සීනි නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව බැහැරකෙරෙන පෙරුම්මඩ උපයෝගීකර ගනිමින් ජෛව පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකිරීමට පියවරගෙන තිබෙයි.
 
මෙම ව්‍යාපෘතිය යටතේ ඉහළ ඝනත්වයෙන් යුත් නයිට්‍රජන් සහ පොටෑසියම් විසිරුණු කැට පොහොරක් නිෂ්පාදනය කරනු ලබයි.
 
ඒ සඳහා අවශ්‍ය උපකරණ චීනයේ නිෂ්පාදනයකර සෙවනගල කර්මාන්තශාලාවට ගෙනවිත් භාරදීම පසුගියදා සිදුකෙරිණි.
 
මෙම වර්ෂය අවසාන වන්නට පෙර මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භකිරීමට නියමිතය.
 
ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතාගේ  මඟපෙන්වීම මත අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණි රාසපුත්‍ර මහතාගේ උපදේශකත්වයෙන් පැල්වත්ත සහ සෙවනගල ඒකකයන්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ( ජෛව පොහොර) කීර්ති පතිරණගේ මහතාගේ මුලිකත්වයෙන්,මහචාර්ය රොෂාන් පෙරේරා මහතා සහ ආචාර්ය කේරි මහත්මිය ගේ තාක්ෂණික උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර යන්ත්‍ර උපකරණ භාරගැනීමේ අවස්ථාවට ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියන්කර මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
 

Comments