ඉන්දියාවේ බෞද්ධ උරුමය ප්‍රදර්ශනය කෙරේ | සිළුමිණ

ඉන්දියාවේ බෞද්ධ උරුමය ප්‍රදර්ශනය කෙරේ

ඇසළ පෝය දිනය නිමිති කර ගනිමින් ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමය දැක්වෙන විශේෂ ප්‍රදර්ශනයක් කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ(03) සංවිධාන කර තිබුණි.
 
ඊයේ දිනට ‘ගුරු පූර්ණිමා‘ නැමති ඉන්දියානු උත්සවය ද යෙදී තිබුනු අතර එදින දැනුම, මඟ පෙන්වීම සහ ආලෝකය ලබා දෙන ගුරු හෙවත් ආධ්‍යාත්මික මඟපෙන්වන්නන් හට උපහාර පුද කරනු ලැබේ. බුදුන් වහන්සේ ඉන්දියාවේ සාරානාත් හිදි ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන ලද්දේ ඇසළ පෝ දිනක දීය. 
 
බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම්  සහ ඉන්දියාවේ ඇතැම් වැදගත් බෞද්ධ සිද්ධස්ථාන දැක්වෙන ඡායාරූප රැසක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ. ඉන්දියාවේ තිබෙන සියවස් ගණනාවක් පැරණි පිළිම, මූර්ති සහ කැටයම්වල ඡායාරූප ද මෙහිදී ප්‍රදර්ශනයට තබා ඇත. පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ සහ මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ද ප්‍රදර්ශනය නැරඹීමට එක් විය. 
 
මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ බෞද්ධ උරුමය පිළිබඳ මෙවැනි ප්‍රදර්ශන රැසක් සංවිධාන කරන අතර වෙසක් පොහොය දින ගංගාරාම සීමා මාලකයේදී ද පොසොන් පොහොය දින හෝමාගම පොසොන් කලාපයේදී ද පවත්වන ලද ප්‍රදර්ශන වඩාත්ම මෑතක දී පවත්වන ලද ප්‍රදර්ශනයන් වේ. 
 

Comments