![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/03/GAS_0.jpg?itok=2KMQLsey)
හෙට (04) දිනයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
මෙම මිළ සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම පසුගිය මස 4 වැනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණි.
ඒ අනුව එහි මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 3,186ක් ලෙසය.
කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් ලෙසත් දැක්වේ.