රූපවාහිනි නිවේදක නිවේදිකාවන් ක්‍රිකට් පිටියට | Page 2 | සිළුමිණ

රූපවාහිනි නිවේදක නිවේදිකාවන් ක්‍රිකට් පිටියට

රූපවාහිනී නිවේදක නිවේදිකා එකමුතුව දෙවැනිවරට සංවිධාන කළ ක්‍රිකට් තරගාවලිය පසුගියදා(01) බත්තරමුල්ල - පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. 
 
තරගාවලිය යටතේ කණ්ඩායම් 04ක් තරග වැදුණු අතර, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ Green Eagles සහ Black Panthers කණ්ඩායම් ය.
 
අවසන් තරගයේ දී මුලින් පන්දුවට පහරදුන්  බ්ලැක් පැන්තර්ස් කණ්ඩායම නියමිත පන්දු ඕවර 05 තුළ ලකුණු හැට තුනක් ලබා ගැනීමට සමත් විය.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල Green Eagles කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු පනස් දෙකක් පමණි. ඒ අනුව බ්ලැක් පැන්තර්ස් කණ්ඩායම ලකුණු 11 ක ජයග්‍රහණයක් ලබා ගත් අතර තරගයේ ශූරතාව බ්ලැක් පැන්තර්ස් වෙත හිමිවිය. 
 
මේ අතර රූපවාහිනී නිවේදක - නිවේදිකා තරගයේ නිවේදිකා ශූරතාව හිමි කරගත්තේ 'රෙඩ් ලයන්ස්' නිවේදිකා කණ්ඩායමයි.
 
මෙය රෙඩ් ඩ්‍රැගන් සහ බ්ලූ ලයන්ස් යන නිවේදිකා කණ්ඩායම් ද්විත්වයෙහිම එකතුවෙන් ගොඩනැගුණු කණ්ඩායමකි.
 
එමෙන්ම ග්‍රීන් ඊගල් සහ බ්ලැක් පැන්තර් එකමුතුවෙන් ගොඩනැගුණු නිවේදිකා පිළ මෙහි අනුශූරතාව දිනාගත්තාය.
 
හොඳම පන්දු යවන්නා Black Panthers කණ්ඩායමේ ධනුෂ්ක ලක්මාල්ට හිමි වූ අතර, හොඳම පිතිකරු ද එම කණ්ඩායමේ වජිර ජයවර්ධනයි.
 
අවසන් තරගයේ වීරයා සම්මානය ද හිමිවූයේ Black Panthers කණ්ඩායමේ අයේෂාන් සෙනෙවිරත්නටයි.
 
තරගාවලියේ වීරයා Green Eagle කණ්ඩායමේ දිනේෂ් උපේන්ද්‍ර සතු විය.

Comments