දේශයේ නාට්‍ය කලාව පෝෂණය කළ නාට්‍යවේදීන්ට සාම විනිසුරු පදවි | සිළුමිණ

දේශයේ නාට්‍ය කලාව පෝෂණය කළ නාට්‍යවේදීන්ට සාම විනිසුරු පදවි

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව පෝෂණය කළ ප්‍රතිභාපුර්ණ නාට්‍යවේදීන් ඇගයීම වස් මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීමට ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
 
ඒ අනුව ටවර් හෝල් නාට්‍ය ශිල්පීන්, නාට්‍ය අධ්‍යක්ෂවරුන්, නාට්‍ය රංගවේදීන් ඇතුළු ප්‍රාසාංගික කලාවන් නියෝජනය කරමින් සාම විනිසුරු අයදුම්පත් 100 ක් පිරිනැමීම ජුලි 12 වැනිදා අධිකරණ ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු කෙරේ.
 
මේ පිළිබදව වැඩි විස්තර 0777180976, 0112452190 යන  දුරකථන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැකිය.

Comments