දේශීය ණය ප්‍රශස්තකරණ විවාදය සෙනසුරාදා | සිළුමිණ

දේශීය ණය ප්‍රශස්තකරණ විවාදය සෙනසුරාදා

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය ජූලි 01 වන සෙනසුරාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව ජූලි 1 දා පෙ.ව 9.30 සිට ප.ව 7.30 දක්වා එම යෝජනාව විවාදයට ගනු ඇත. ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය ප.ව 7.30ට පැවැත්වෙනු ඇත. එමෙන්ම පාර්ලිමේන්තුව ජූලි 5, 6 සහ 7 යන තෙදින තුළ රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මූලාශ්‍ර අනුව පාර්ලිමේන්තුව මෙයට පෙරද 1990 දෙසැම්බර් 9වැනි ඉරිදා ද රැස්ව තිබේ. ඒ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන යාම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමේ යෝජනාව සාකච්ඡාවට ගැනීමටය.

Comments