දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුනිවත රකින විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි | Page 2 | සිළුමිණ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුනිවත රකින විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තම මතය නොකියන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මිලියන 57ක් වන තැන්පත් වෙනුවෙන් එම ප්‍රකාශය කළ යුතු බව කී මන්ත්‍රීවරයා ඔවුන් ඉල්ලා අස්වුවහොත් පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ට අලුත් අය පත් කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයිද කීය.

‘‘විපක්ෂය කියන්නේ තැන්පතුකරුවන්ට තවත් බදු පනවන්න කියාදැයි‘‘ ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා එවැන්නක් කෙළින් කියනවා නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරනු ඇති බවද පැවසීය.

EPF සහ ETF අරමුදල්වල පොලී අනුපාතය 9% ක් විය යුතු බවට 2020, 2021, 2022 වසරවල තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බව ද එකල කැබිනට් මණ්ඩලයේ සිටි ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි අය අද මෙය වැරදි බව ප්‍රකාශ කිරීම උභතෝකෝටිකයක් යැයි ද හෙතෙම කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී තිබෙන මූල්‍ය බලය දේශපාලනය සඳහා භාවිත නොකළ යුතු යැයි ද එසේ කළහොත් මුළු රටක්ම විනාශ වී යනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

Comments