
දුක, සැප ප්‍රධාන වූ අටලෝ දහම සැම දෙනාටම පොදුය. කිසිවකු ජන්ම ලාභය ලබන විට ග්‍රහ තාරකාවන්ගෙන් ඔහුට හෝ ඇයට ලැබුණු ‘ග්‍රහ කිරණ ශක්තිය‘ මත සියල්ල සිදුවීම නියමයයි. ඒ අනුව එක් එක් කාලවලදී මිනිසාට ඇතිවන දුක් කරදර බාධක දුරු කර සැප සම්පත් වර්ධනය කර ගැනීමට, ලෙඩ රෝගවලින් මිදීමට, යසස, කීර්තිය ලබා ගැනීමට, මාරක විපත්වලින් මිදීමට අශුභ ග්‍රහ රශ්මි හසුරුවා පාලනය කර තම අවශ්‍යතා ඉටුකර ගැනීමට ගුප්ත විද්‍යානුකූලව සැකසු යන්ත්‍ර, තෛල, අඳුන් වර්ග, විශ්වයේ ප්‍රධානතම ධාතු කොටස් අතර ඇත.
විවිධ බලවේගයන්ගේ රශ්මීන් ඒ ඒ ග්‍රහ කිරණ ශක්ති සමඟ කැටිකර මන්ත්‍රයක තරංග බලයෙන් සැකසු රාජ තරංගනී යන්ත්‍රයද පෙර රජ දවස මහා රජවරුන් හා වර්තමානයේදී මහා ප්‍රභූවරුන් හා ව්‍යාපාරිකයන් පැලඳ තමාගේ සියලුම ජය අත්කර ගෙන ඇති බව ඇත්තම කතාවයි. රාජ තරංගනි යන්ත්‍ර කාණ්ඩ හතක් ඇත. සියල්ලන් ආකර්ෂණයට කර පැලඳීමටද, වශියට, කර බැඳීමටද, නඩුවලට, ලෝක වශිය, සර්ව ජන වශියට වශී කර ඇත. මෙම යන්ත්‍ර එක් එක් ගුරුකුල තුළින් සෘෂීන් නව දෙනෙකු ප්‍රමුඛව සකසනු ලැබු යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර ක්‍රම වෙනස වෙනස් ආකාරයට දක්වා ඇතත් එම යන්ත්‍ර මන්ත්‍ර පණ ගැන්වීමේ මූලික ක්‍රම වැඩි කොටසක් එක හා සමාන වේ.
මෙම ඖෂධීය රාජ තරංගනී යන්ත්‍රය අනුරාධපුර නුවර බත්ගුල ගමේ පට්ටිකිරා නොහොත් පටිකාර ගම්වැද්දා නොහොත් අප්පුවා වෙද ගුරුන්නාන්සේගෙන් පෙර කාලයේ උතුවන් කන්දේ විසූ සූර සරදියෙල් නොහොත් සරදියෙල් අප්පුගේ අත්පොතේ ඇති යන්ත්‍ර බව පැවසේ. මෙම යන්ත්‍රය සහ තෛලය සැකසීමට රහස් ඖෂධ වට්ටෝරුවක් ද ඇත. ඉන් එක් කවියක් මෙසේය.
ඕංකාර ජටාමකුට, දෙසඳුන් ගල් මද දුම්මල දෙව්දුරු ගෝරෝචන මේ සියල්
රිදීද, රත්‍රං තඹ යහු මනෝසීල ගන්ධක ත්‍රිකටුක හිරියල්
නවසාරන් මුතු මැණික් ත්‍රී ජාති වගපුල් එලමරිඳු තණ මල්
දුටු සතුටු, දෑසමන්, සපුද, නෙළුම්, බොලිඅද පෙතන් සුවදැති රුක් මල් මෙන්ම ඉතා දුර්ලභ රහස් ඖෂධ වර්ග 108 ක් රතු නෙළුම්, ඕලු, මහනෙල්, මයුර පුෂ්ප, කිණිහිරියා, සීනි, ඉද්ද කොබෝනීල ආදි පුෂ්ප වර්ග 21 ද කස්තුරි, ඇත් දළ කුඩු සුවිස්සක් ඇතුළු ඖෂධ සංයෝගයකින් අඹරා ගත යුතුයි. මෙම යන්ත්‍රය සැකසීමේදී නැකත්,යෝග කරන සියලු නක්ෂත්‍ර මණ්ඩල බලය ඒකරාශි කොට සකසා පැළඳීමෙන් උසස් ප්‍රතිඵල ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ලැබෙන බව සත්‍යයි. මෙම යන්ත්‍රය පලඳින සුරය රිදී විය යුතු බවත්, පිරමිඩ හැඩය ඇති, යටින් බෝලයක් බැඳ සකසා යන්ත්‍රය ඇතුළට යවා තෛලය බෝලයට දැමිය යුතුයි.
රාජ තරංගනී යන්ත්‍රය හා අඳුන් තෛලයට ප්‍රාණ දෙන මන්ත්‍රය
ඕං නමෝ රාමානේ විෂ්ණු රාජපුදේ හේස් ගිනි මාලා ශුර ගිනි ජීව ජීව විභිෂණ රාජා රාජ ප්‍රදේස් මුදේස් ශාකිලාමි ජීව ජීව ප්‍රමේෂ්වර අම්මේ හර ගුරුලාඩි ක්‍රම ජීව ජීමහනුමත්තා දේවතාවා ජීව ජීව ශ්‍රීං ශ්‍රීං ජීවාන්තු ශ්‍රියාකර්ෂණී ශ්‍රියා කාන්තා කල්‍යාංගනී වාග් දේවී ගජ පුත්‍ර රූපා ජීව ජීව භුවනාධිපතියේ ජීව ජීව ඹෟෂධ ජීවම් තෛල ජීවම් යන්ත්‍ර ජීවම් සර්ව රාජා වසඟ වසඟ සර්ව චෞර වසඟ වසඟ මනුෂ්‍ය වසඟ වසඟ සර්ව ලෝක වසඟ වසඟ සර්ව භූත වසඟ වසඟ සර්ව අභූත හර හර සර්ව ධාරිධු දෝෂ හර හර සර්වකාර්ය සිද්ධි ජීවනේ මහා රාජතරංගනී තෛල ජීවම් ජීවාකර්ෂණ මුඛ පුලේ මුඛ දිෂ්ටි වෛකුන්ඨවාස වෛශ්‍රවණ දේවා දේව රාජා බුද්ධ බෝ ජප ජීව නමඃ (1008 වර හරියට මතුරනු)
මෙහි ප්‍රාණ මන්ත්‍රය :-
ඕං මන්ත්‍රප්ප්‍රාණ දේවප්ප්‍රාණ ඖෂධ්‍ය ප්‍රාණ ගන් මහා රාජ තරංගනී තෛල ප්‍රාණාම් ප්‍රනෝගන් හංසං ඉං ප්‍රාණ ප්‍රාණ ඒස්වාහඃ (108) වරකින් ජප කරනු)
සිද්ධි මන්ත්‍රය :- ඕං ආමන් වන්දේ පරම්මේ සිද්ධිම් නමෝ නමඃ (108 වරයි)
ජ්‍යොතිර්වේදී
රඹුක්කන
ජිනදාස එදිරිසිංහ