
සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක ජනක ප්‍රියන්ත දයාරත්න
නිදන කාමරය තුළ විද්‍යුත් මෙවලම් බහුල වීම බරපතළ වාස්තු දෝෂ නිර්මාණය කර ගෘහ මූලිකයාට අපල ගෙන එන බව නවීන වාස්තු විද්‍යා පර්යේෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.
විද්‍යුත් මෙවලම් මඟින් ඇති කරන විද්‍යුත් මීදුම (Electro Smog) නිසා පරිසරයේ පවත්නා ඍණ අයන ප්‍රමාණය වේගයෙන් නිෂ්ක්‍රීයව යාම හේතුකොටගෙන රෝග වැලඳීමේ ඉඩකඩ (ව්‍යාධි ශමත්වය) බරපතළ අයුරින් ඉහළ යන බවද මෙම පර්යේෂණයන් මඟින් අනාවරණය වී ඇත.
ඒ අනුව පවත්නා බෙහෝ වාස්තු දෝෂවලින් ඇති කරන දුර්විපාකයනට වඩා බරපතළ තත්ත්වයක් මෙකී විද්‍යුත් මෙවලම් වෙතින් ඇති කරන බව අවසන තහවුරු කොට පැවසිය හැකිය.
වාස්තුමය වශයෙන් යම් ස්ථානයක් යහපත් වීමට නම් එයට ආවේණික අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාවක් (COSMIC ENERGY INTENSITY) අඩංගු විය යුතුව තිබේ. එහිදී පරිසරයේ ඍණ අයන සාන්ද්‍රණය ද ශුභවාදී ලෙස ඉහළ යන බවද තහවුරු වී තිබේ. එසේ වූ විට නිවැසියන්ගේ ශක්ති ශරීරය ද එලෙසින්ම ශුභවාදීව බලවත් වේ.
නිදන කාමරය වායු සමීකරණය වීමත් සමඟ පරිගණක ආදී මෙවලම් ද තරුණ පරපුර අතර නිදන කාමරයට කැන්දා ගැනීම සිදුවන බව බහුල අත්දැකීමකි. මෙයට අමතරව අඩු ඉඩක විවිධ රත්කිරීම් සිදු කරන මෙවලම් ද මේ නිදන කාමරයට එකතු වී තිබේ.
නිදා ගන්නා විටම රූපවාහිනිය නරඹමින්, විශාල සංගීත නාදයන් ශ්‍රවණය කිරීමේ පහසුවද සලසා ගැනීම වර්තමානයේ බහුල භාවිතයකි. මේ අනුව සලකා බැලීමේදී නිදන කාමරයේ පැවති සරල සයනය වෙනුවට මහත් විද්‍යුත් මෙවලම් ගණනාවක් භාවිතයට පැමිණ තිබීම නොසැලකිය හැක්කක් නොවන බවද මෙම පර්යේෂණයන් මඟින් වැඩිදුරටත් අනාවරණය වී ඇත.