ලාෆ් ගෑස් මිළ සංශෝධනය ගැන ප්‍රකාශයක් | Page 11 | සිළුමිණ

ලාෆ් ගෑස් මිළ සංශෝධනය ගැන ප්‍රකාශයක්

රට තුළ ගෑස් හිඟයක් පිළිබඳ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කරයි 
 
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ  ගෑස් ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බවයි.
 
ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඉදිරියේ දී මිල සංශෝධනයක් කිරීමට අවශ්‍ය වුවහොත් එය සිදුකර පාරිභෝගිකයාට එහි වාසිය ලබාදෙන බවයි. 
 
සමාගමට ඉදිරියේදී ලැබෙන තොග සහ ඩොලරයේ අගය මත මිල සංශෝධනය සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Comments