චිනයෙන් බදුල්ලේ පවුල් දහසකට වියලි අහාර | සිළුමිණ

චිනයෙන් බදුල්ලේ පවුල් දහසකට වියලි අහාර

චීන ෆා ෂියාන් පුණ්‍ය භාරය, චීන බෞද්ධ විහාරස්ථාන සහ චීන බෞද්ධ ජනතාව විසින් ශ්‍රී ලාංකීය ජනතාවට වියලි සලාක පරිත්‍යාග කිරිමේ වැඩසටහනට සමගාමිව බදුල්ල දිස්ත්‍රික්කයේ  අඩු ආදායම්ලාභි  තෝරාගත් පවුල් 1000 ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දිමට නියමිත අතර එහි පළමු  වැඩසටහන ලෙස පවුල් 500 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම ශ්‍රි ලංකාවේ චීන තානාධිපති කියු‌ ‌ෂෙංග් හොංග් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දින බදුල්ල මුතියංගනය රාජමහා විහාරස්ථානයේ දි පැවැත්විණි 
 
මෙම වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලය රුපියල් 7500ක් පමණ වටිනාකමින් යුත්ත වන අතර බදුල්ල, හාලිඇල හා සොරණාතොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරාගනු ලැබූ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීම සිදු කර තිබෙයි.
 
මේ අවස්ථාවට  මුතියංගන රජමහා විහාරයේ භාරකාර ධුරන්දර පූජ්‍ය ආචාර්ය මුරුන්දෙනියේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් හා ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි විය.
 

Comments