![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/06/28/1675430390-court-L.jpg?itok=ZxAwZfye)
නව තරග විභාගයක් නොපවත්වා 2019 සීමිත තරග විභාගය පදනම් කරගෙන ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම් සිදු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙයි
දෙවන ශ්‍රේණියේ ගුරුවරයෙකු වන පූජ්‍ය බුද්දං කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකුයි මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ විභාගය සමත් වූ 3882 න් 1918 දෙනෙකුට පත්වීම් ලබා දී තිබෙයි
මේ අතර පුරප්පාඩු 4718 ක් පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත්ඉන් සෙසු අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බවයි පෙත්සම්කරු පවසයි.
පෙත්සම නොවැම්බර් 6 වනදා යළි කැඳවීමට නියමිතයි.