![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/06/27/Aswasuma.jpg?itok=CS8cXiKT)
විවිධ කණ්ඩායම්වල දේශපාලන බලපෑම්වලට හසු නොවී, ‘අස්වැසුම‘ ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලුදෙනාම ජූලි 10වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා දැනුම් දීමක් කරයි.
අභියාචනා ලබාදීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (27) පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.
මේ අතර “අස්වැසුම” සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් මේ වන විට අභියාචනා 188,794ක් සහ විරෝධතා 3300ක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.
‘1924’ ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් පැමිණිලි ගොනු කළ හැකි අතර වැඩි විස්තර ද එමඟින් ලබා ගත හැකිය.