'අස්වැසුම' තොරතුරු දැන ගන්න දුරකථන අංකයක් | සිළුමිණ

'අස්වැසුම' තොරතුරු දැන ගන්න දුරකථන අංකයක්

'අස්වැසුම' සමාජ සුබසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සදහා 1924 හදිසි ඇමතුම් අංකයක් හදුන්වා දෙයි.
 
එම අංකය සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.00 සිට පස්වරු 5.00 දක්වා ක්‍රියාත්මක වේ. 
 
'අස්වැසුම' සමාජ සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතාවයන් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පුද්ගලිකවම වුවත් භාරදිය හැකි පරිදි අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත. ඒ අනුව මාර්ගගත ක්‍රමය භාවිතා කළ නොහැකි පුද්ගලයෙකුට වුවද ඉහත පරිදි සාමාන්‍ය ලෙස අභියාචනා සහ විරෝධතා භාර දිය හැකි බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි. 

Comments