හදිසි අනතුරුවලින් දිනකට 35ක් මරුට | සිළුමිණ

හදිසි අනතුරුවලින් දිනකට 35ක් මරුට

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් දොළොස් දහසක් වසරකට හදිසි අනතුරු හේතුවෙන් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. ඒ අනුව සෑම පැය තුනකට වරක් හදිසි අනතුරු හේතුවෙන් මියයන සංඛ්‍යාව හතරකි. ඒ අනුව දිනකට හදිසි අනතුරු වලින් මිය යන පුද්ගලයන් සංඛ්‍යාව 35කි.

 මෙම තොරතුරු අනාවරණය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවීමෙන් පැවැති සම්මන්ත්‍රණයකදී ය. එහිදි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වා දුන්නේ හදිසි අනතුරු වලින් 50% ගෘහස්ථ අනතුරුවන අතර 23% මාර්ග අනතුරු බවය. ඉතිරි 25% විවිධ හේතුන් මත සිදුවන හදිසි අනතුරු බවට වාර්තා වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනක් පමණ පුද්ගලයින් සත්ත්ව සපා කෑම්වලට ලක් වන අතර ඉන් 80%ක ප්‍රමාණයක් අයත් වන්නේ සුනඛ සපා කෑම්වලටය. ඔවුනට ලබා දෙන එක් එන්නතක් රුපියල් දස දහස ඉක්මවන බවද ඒ වෙනුවෙන් රජය වසරකට බිලියන ගණනක් මුදල් වැය කරන බවද වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වා දුන්නේය.

අනතුරු වැළැක්වීම සහ කළමනාකරණය පිළිබඳ පළමු ජාතික බහු පාර්ශ්වීය ක්‍රියාකාරී සැලැස්ම 2022 වසරේ සිට ක්‍රියාවට නංවා තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments