![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/06/23/7-8.jpg?itok=LXIDQCHa)
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ එයට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සඳහා අදාළ ආයතනයෙන් සාක්ෂි ලබා ගෙන අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තීරණය කර තිබේ. ඇමැති රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් ජූනි 20 දා විශේෂ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම තිරණය ගෙන තිබේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධව සහ ඊට අදාළ නඩු පැවරීම, පරිසර හානිය සහ යම් දූෂණ වංචාවක් සිදු වූයේද යන්න පිළිබඳත් මීට අදාළව කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රගතිය පිළිබඳත් සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ ප්‍රමුඛ අරමුණ වේ.