![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/06/23/dengue.jpg?itok=i2Tucasg)
ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ පාසල් සිසුන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කිරීමට නිල ඇඳුමට යටින් ආරක්ෂිත ඇඳුමක් ඇදීමට අවසර ඉල්ලා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යොමු කළ ඉල්ලීමට අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතිය ලැබී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ඒකකය සඳහන් කරන්නේ ඉදිරියේදී පාසල් ප්‍රධානින් හරහා පාසල් සිසුන් දැනුම්වත් කරන බවය. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මේ වන විට 46,473ක් වූ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 11,618 එනම් 25% ක් අවුරුදු 5-19 ත් අතර පාසල් යන වයසේ පසුවන්නන් බවය.
එයිනුත් බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන හෙයින් දහවල් කාලයේ ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් බේරීම සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුමට යටින් ඇඟ ආවරණය වන ඇඳුමක් ඇඳීමට අවසර දෙන මෙන් බස්නාහිර පළාත් ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව ඉල්ලා තිබුණි. එම කමිටුවේ සභාපතිනිය හා සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල සිළුමිණට පැවැසුවේ මෙය කෙටි කාලයකට ගත් පියවරක් බවයි.