
මේෂ - මිශ්‍ර පල හිමිකර දෙයි
සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතුවල දියුණුව ලාභ ආදායම් වැඩිවීම් පෙන්වයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ඇතිවේ. සඳු අසුබ භාවයන්වල ගමන් කරන බැවින් අපල, අසනීප මෙන්ම ඥාති හිතවත් අයගේ කනගාටුදායක අවස්ථාවලට මුහුණදීමට ද සිදුවිය හැක. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අපල අවම කර ගැනීමට රෝගීන්ට උපකාර කරන්න. ඉවසීම මැදිහත් බව හුරුකර ගන්න. මෛත්‍රී සිතින් කල් ගෙවන්න.
සුබ අංක - 5, 7, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා
වෘෂභ - දරුවන් පිළිබඳ සතුටු විය හැකි සතියක්
සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවල සුබතාවක් පෙන්වන අතර ගෘහ ජීවිතයේ ගැටලු අවම වේ. ව්‍යාපර දියුණුව, ආර්ථිකය ශක්තිමත් බවද පෙන්වයි. දරුවන් පිළිබඳ සතුටු විය හැකි අවස්ථා මතු කෙරේ. සඳු 6 වැන්නේ බැවින් ආමාශගත රෝග හට ගැනීමට පුළුවන. අපල අවම වීමට වකුගඩු, පිළිකා රෝගීනට උපකාර කරන්න.
සුබ අංක - 6, 7, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - බදාදා, සිකුරාදා
මිථුන - පදිංචි ස්ථානයේ දියුණුව පිණිස වෙහෙසෙයි
සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාව ස්ථාන මතිනි. පදිංචි ස්ථානයේ දියුණුවට වෙහෙසෙන දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි ඔවුන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇති කෙරෙන සතියකි. ප්‍රසිද්ධිය මෙන්ම ඇගැයීමකට ලක්වීමේ භාග්‍ය පෙන්වයි. ගෘහ ජීවිතයේ සමාදානය පවතී. සඳු 6 වැන්නේ ගෝචරව ඇති බැවින් සුළු අසනීප තත්ත්ව, අපල උපද්‍රව ද පෙනෙන්නට ඇත. ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. අපල අවම වීමට ඉගෙනීමට දක්ෂ ආර්ථික අපහසුතා ඇති දරුවෙකුට පාසල් අවශ්‍යතාවකට උපකාර කරන්න.
සුබ අංක - 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - සඳුදා, බදාදා, සිකුරාදා
කටක - වාසනාවන්ත සතියකි
සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවස්ථානවලය. සහෝදර මා පිය දූ දරු සබඳතා වර්ධනය වන ගෘහ ජීවිතය සතුටින් ගතවන සතියකි. දරුවන්ගේ අධ්‍යාපනය හොඳින් සිදුකරගෙන යා හැකි ග්‍රහ බල පවතී. ගේ දොර අලංකරණය පිරිසිදු කිරීම් වෙනුවෙන් වැඩි වෙහෙසක් දරයි. ආර්ථිකය ශක්තිමත් වේ. ඒරාෂ්ටක අපල තත්ත්වයක් පවතින බැවින් අපල අසනීප පෙන්නුම් කරයි. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අපල අවම කර ගැනීමට චෛත්‍යයක් අබියස සුදු මල් පූජා කර පහනක් දල්වා පන්සිල් ගෙන පත්තිනි දේවියට පින් දෙන්න.
සුබ අංක - 2, 7, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, බ්‍රහස්පතින්දා
සිංහ - මිල මුදල් නිවාස ලාභ
සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. අතමිට මිල මුදල් ගැවසෙන, සහෝදර උපකාර ලැබෙන සතියකි. ගෘහ ජීවිතය සතුටින් ගෙවේ. ගෘහ අලංකරණය පිණිස වෙහෙසේ. දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ලකුණු, දුර ගමන් බිමන් යෙදිය හැකි අතර රැකියා කටයුතු සඳහා ද ඇවිදිලි වැඩ යෙදේ. වාසනාවන්ත සතියකි. අපල අවම කර ගැනීම සඳහා උදේට මෝර පිරිත, සූරිය පිරිත කියන්න. අසන්න.
සුබ අංක - 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
කන්‍යා - ආර්ථිකය සවිමත් වේ
සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න හා තුන්වැන්න හරහාය. කා අතරත් ප්‍රියමනාව පුද්ගලයෙකු බවට පත්වන ඔබට මේ සතියේ මවුපිය උපකාර නොඅඩුව ලැබෙයි. ආර්ථිකය ශක්තිමත්ය. අතමිට සරුවේ. රැකියා කටයුතු වෙනුවෙන් ඇවිදිලි වැඩ යෙදේ. පුණ්‍ය කටයුතුවලට ද දායකත්වය ඇතිවේ. දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි, ඔවුන්ගේ අධ්‍යාපනය ද බාධක නොමැතිව කරගෙන යාමට හැකි ග්‍රහ බල පෙන්නුම් කරයි. උණ සහ සෙම් රෝග මතුවිය හැක. අපල අවම වීමට කොහොඹ පැළයක් සිටුවා හෝ තිබෙන ගසකට හෝ සත්කාර කරන්න.
සුබ අංක - 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
තුලා -මිශ්‍ර පල ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ 12 ලග්නය හා දෙවැන්න හරහාය. ආරම්භය පාඩුවක් හෝ සිත් රිදීමක් ඇතිවිය හැක. ඉන් පසුව ඔබට සතුටින් ගත කිරීමට හැකියාව ඇති මිල මුදල් අතමිට ගැවසෙන දින කීපයක් වේ. ස්ත්‍රී පක්ෂයෙන් උදවු උපකාර හිමි වේ. රැකියාවේ කටයුතු බහුල වේ. ඇවිදිලි යෙදේ. ව්‍යාපාරවලින් ලාභ අත් වේ. ගෙදර දොර දියුණුවට කටයුතු සිදු කරයි. අපල අවම කර ගැනීමට දරුවන්ට රස ආහාර ලබා දෙන්න. ඔවුන්ව ආරක්ෂා කරන්න. කාගේ දරුවකුට වුව අවශ්‍ය මොහොතේ රැකවරණය දෙන්න.
සුබ අංක - 6, 7, සුබ වර්ණ - ක්‍රීම්, සුදු, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික - විදෙස් ගමන්වලට අවස්ථා
සඳු ගමන් ආරම්භ කරන්නේ 11, 12 යන ලග්න භාවය මතිනි. ආරම්භය සතුටුදායකය. ඔබෙන් ණයට ගෙන තිබූ මුදලක් හෝ ආපසු ලැබෙයි. ඉන්පසු සුබ අසුබ දෙකම හිමි වීමට ඉඩ ඇත. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. දුර ගමන් මෙන්ම විදෙස් ගමන්වලට ද ඉඩ ප්‍රස්තා යෙදේ. යුග දිවියේ සුළු ගැටලු මතුවිය හැක. දරුවන්ගේ අධ්‍යාපනයට යම් බාධාවක් යෙදෙන්නට ඉඩ ඇත. බෝධි පූජා පවත්වන්න. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දවස නිර්මාංශ වී කුසගින්නේ සිටින අයෙකුට කෑම වේලක් ලබා දෙන්න. වචන ප්‍රකාශ කිරීමේදී කල්පනාකාරී වන්න. හිතවතුන් අමනාප විය හැක.
සුබ අංක - 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු - ව්‍යාපාර ලාභ
සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් හරහාය. රැකියා කටයුතු වෙනුවෙන් වෙහෙස වැඩිවේ. ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. සතිය ආරම්භයේ තමාගෙන් ලබාගත් ණය මුදලක් හෝ ආපසු ලැබීමට ඉඩ තිබේ. ඥාති හිතවත් සහෝදර යන පාර්ශවවලින් උපකාර ලැබිය හැක. කෘෂිකාර්මික අංශ කෙරෙහි ඇල්මක් ඇතිවේ. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවිය හැකි සතියකි. සඳු 12 වැන්නේ ගමන් කරන බැවින් අපල අනතුරු, පාඩු පෙන්වයි. අපල අවම වීමට භික්ෂුන් වහන්සේට ගිලන්පස පූජා කරන්න. මවුදෙමවුපියන්ට සලකන්න.
සුබ අංක - 7, 8, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බ්‍රහස්පතින්දා
මකර - පුණ්‍ය කටයුතු සිදුකරයි
සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පූර්ව කර්ම බලය මතු කෙරෙන බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිද්ධ වන දින කීපයකි. යානවාහන, ගෙවල් දොරවල් පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය වී හිතට සැනසීමක් ගෙන දෙයි. දරුවන්ගේ ද යහපත් ප්‍රාර්ථනා ඉටුවන ලකුණු පෙනේ. ආර්ථිකය ශක්තිමත්ය. පුණ්‍ය කටයුතුවලට සිත ඇදී යයි. අපල අනතුරු ද පෙන්වන බැවින් කරන කියන කටයුතුවලදී තැන්පත් බුද්ධියකින් වැඩ කරන්න. මෛත්‍රිය වඩන්න.
සුබ අංක - 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, බදාදා, සෙනසුරාදා
කුම්භ - අරමුණු අපේක්ෂා ඉටුවන ලකුණු
සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භය කනගාටුදායක පුවත් අසන්නට ලැබුණත් ඉන්පසුව තතත්වය යහපත් වේ. ගෙදරදොර වැඩ කටයුතුවල දියුණුවක් දක්නට ලැබෙයි. බලාපොරොත්තු ඉලක්ක සපුරා ගැනීමේ සුබ ලකුණු ඇත. දරුවන්ගේ දක්ෂතාවලින් සතුටට පත් වේ. ඒරාෂ්ටක අපල තත්ත්වයක් පවතින බැවින් අවිවේකය අපල අනතුරුවලට ඉඩ ඇත. කරන කියන කටයුතුවලදී කල්පනාකාරී වන්න. අපල අවම කර ගැනීමට හව්හරණක් නැති වයසක අය දුටු විට උපකාරයක් කරන්න.
සුබ අංක - 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා.
මීන - ව්‍යාපාර කටයුතුවලට සුබයි
සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. ව්‍යාපාර කටයුතුවලට සුබ දින කීපයකි. සමාජීය වැඩවලට උදවු දෙයි. පුණ්‍ය කටයුතු සිදු කරයි. ගෘහ ජීවිතය ගැටලු නෙමැතිව පවත්වාගෙන යාමට ඉවසීමෙන් මෙත් සිතින් යුතු වන්න. දරුවන්ගේ උසස් අධ්‍යාපන ජයග්‍රහණ අසන්නට ලැබෙයි. පවුලේ දියුණුව ගැන වෙහෙස මහන්සි වන කෘෂිකාර්මික කටයුතුවලට යොමු වන බවක්ද දක්නට ලැබෙයි. අපල අවම කරගැනීමට විහාරස්ථානයට ගොස් බෝධිය අවට පිරිසිදු කරන්න. කහ පාට මල් පුදන්න. දෙවියනට පින් දී අපල ගෙවාගන්න.
සුබ අංක - 3, 7, සුබ වර්ණ - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා.