සතට සෙත සලසන මිහිකතට අධිපති බහිරව දෙවියෝ | සිළුමිණ

සතට සෙත සලසන මිහිකතට අධිපති බහිරව දෙවියෝ

දේව ඇදහිලි සහ සංකල්ප පිළිබඳව කතා කිරිමේදි අත්නොහැරිය හැකි දෙවි කෙනෙකි. බහිරව දෙවියෝ මේ විශ්වයේ සූර්ය ශක්තියට පෙනෙන බලයක් ඇත. සූර්ය ශක්තිය විශ්වයේ රඳා පැවැතීම සඳහා උපකාර වන බව අපි දනිමු. එම ශක්තිය මෙන්ම සත්‍යයක්ද පවතී. ඒ පළමුකොට බුද්ධ සත්‍යද දෙවනුව ස්වභාවධර්මය පාලනය සඳහා ඊෂ්වර සත්‍යද (දේව ශක්තිය) තෙවනුව මහ පොළොව සඳහා ශක්තිය ද සත්‍ය කොට සැලකේ. මහ පොළොවේ ප්‍රධානතම ආරක්ෂකයා බහිරව දෙවියන්ය. අපි බහිරව දෙවියන්ගේ ශක්තිය හා සත්‍ය පිළිබඳව විමසා බලමු.

මහ පොළොවේ යම් ආකර්ෂණ ශක්තියක් ඇති බව විද්‍යාත්මකව අපි දනිමු. එය විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ ගුරුත්වාකර්ෂණය ලෙසයි. ගසක නටුවෙන් වෙන්වන යම් දෙයක් ඇද්ද එය උඩට නොගොස් පහළට වැටෙන්නෙ පොළොවේ ශක්තියක් නිසා බව අපි සරලව විද්‍යා පාඩම්වලදී පාසලේදී ඉගෙන ගෙන ඇත්තෙමු.

මා මෙහි සඳහන් කරන්න යන්නේ ඒ සමාන මහ පොළොවේ අතිවිශේෂිත වූ ශක්තියක් පිළිබඳවයි. අප බෝසතාණෝ එදා වජ්‍රාසනය මත වැඩ සිටියදී දසමාර සේනාව උන්වහන්සේගේ චිත්ත ධානය බිඳලීම සඳහා විවිධ උපක්‍රමයන් යොදමින් සිටියදී උන්වහන්සේගේ පාරමී බලය සහ චිත්ත ශක්තිය මනාකොට පිළිබිඹු කිරීම සඳහා උන්වහන්සේ සාක්ෂි කොට උපයෝගි කරගත්තේද මහ පොළොවේ ඇති ශක්තියයි. මහ පොළොවට දකුණත දිගු කිරීමේදී බෝසතාණන් වහන්සේගේ පාරමි බලයේ ශක්තිය නිසාම චලනය වන්නට විය. එයින් බියට පත් දසමාර සේනාව හිස්ලු අත දිව ගියහ. ඒ මොහොතේ මහ පොළොව චලනය වූවේ ස්වභාවික තත්ත්වයක් මත අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම් මත භූ චලන නිසා නොව පොළොවට අරක් ගත් දේව විශේෂයක් විසින් එය චලනය කොට පෙන්වීමක් නිසාය.

එය විශ්වයේ පවතින තුන්වන ශක්තිය වන බහිරව ශක්තියයි. අපේ දේව විශ්වාස කොතෙකුත් පැවතිය ද වෙනත් දෙවිවරුන්ගෙන් උදවු උපකාර ප්‍රාර්ථනා කළද හුදී ජනයා හැම මොහොතේම උත්සාහ කරන්නේ බහිරව දෙවියන් පලවා හැරීම මිස බහිරව දේව ශක්තියෙන් උදවු උපකාර ගැනීමට උත්සාහ දැරීමට නොවේ. සතර දිශා සහ අනු දිශා මෙන්ම උඩ යට යන දිශාවන්ට තම බලය විහිදු වන අති ප්‍රබල ශක්තියක් ඇති බහිරව දේව ශක්තිය පොළොව අභ්‍යන්තරයේ පවතින වස්තුන් සඳහා අධිකෘතව වාසය කරනා බව සත්‍යයකි. ඒ වගේම මිනිසුන්ගේ දුක්ගැහැට සඳහා පිහිට ආධාරය කල් නොගොස් එවලේම ලබා දීමටද උන්වහන්සේගේ අති ප්‍රබල ශක්තියක් පවතින බව සත්‍යයි. උන්වහන්සේගේ තේජස් අනුහස් බල පරාක්‍රමය සත්‍යයයි. අතී පුරාණ ස්ථාන බහුතරයක් අපේ ලංකා භූමි තලය මතද පවතියි. එයින් ප්‍රධානතම ස්ථාන තුන නුවර කලාවියේ පවතින බව පෙනේ. දිනපතා ජනී ජනයාගෙන් දිනෙන් දින පිරී ඉතිරී පවතින එම ස්ථානවල අෂ්ට මහා බහිරව බලය පවතින බව නොරහසකි.

හොඳට නරකට දෙකටම උන්වහන්සේගෙන් උදවු උපකාර ලැබේ. කිසිවකු මහ පොළොවේ පය ගසා ඉල්ලන ඕනෑම ඉල්ලීමක් උන්වහන්සේ ඉටුකර දීමට උන්වහන්සේ වග බලාගන්නා බව නම් සත්‍යයකි.

අලුතෙන් ඉඩමක් ගැනීමේදී, ව්‍යාපාර වැඩ බිම් ආරම්භ කිරීමේදී, මැණික් පතල් ව්‍යාපාරවලදී බොහෝ දෙනා පුරුදුව සිටින්නේ බහිරව පූජා පවත්වා එම භූමිකඩ තුළ ඇති බහිරව ශක්තිය ශුන්‍ය කර හැරීමයි. කවදාවත් එවැනි භූමිකඩකින් සුවිශේෂි දියුණුවක් ප්‍රාර්ථනා කළ නොහැකිය. එවැනි භූමිවල ආකර්ෂණීය ශක්තිය හීන කළාට පසු එම ස්ථානය නිකම්ම බොල් පොළොවක් බවට පත් වේ. පොළොව අභ්‍යන්තරයේ පවතින වස්තුන් එම ස්ථානයෙන් ඉවත්වේ.

ඔබම හිතන්න ලොව වටිනාම වස්තුන් රන්, රිදී, මුතු, මැණික්වල මොන තරම් විශ්ව ආකර්ෂණීය බලයක් තිබෙනවාද කියා. ඉඩකඩම්වලට බහිරව පූජා පැවැත්වීමෙන් සිදු වන්නේ බහිරව බලයෙන් එම භූමි වස්තුන් අකර්මණ්‍ය කර පොළොවේ ඇති ආකර්ෂණීය බලය හීන කිරීමයි.

නොදැන බහිරව පූජා පැවැත්වීම නොකළ යුතු දෙයකි. යම් ව්‍යාපාරයක් ස්ථානයක් මැණික් පතල් ආදී කටයුතුවලදී බහිරව ආකර්ෂණය විනා බහිරව බලය පලවා හැරීම නොකළ යුතු දෙයකි. බහිරව දෙවියන්ගේ ශක්ති ප්‍රභවය දියුණුව සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය කාරණාවකි. එය සත්‍යයකි. උන්වහන්සේ ඇදහිය යුතුය. උන්වහන්සේට පින් දිය යුතුය. උන්වහන්සේගේ බලය ලබා ගත යුතුය. පහත කියා දෙන ක්‍රමවේද ඔබත් අනුගමනය කර බලන්න. බලා සිටියදී ඔබගේ නිවස ව්‍යාපාර ස්ථානය විශේෂයෙන් පතල් කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත් වෙනවාමයි. ස්වර්ණාභරණ වෙළඳසැල් ආදියද දියුණුව කරා ගෙන යාමට මෙම ක්‍රමවේදය මනා ලෙස ඉවහල් වනු ඇත.

බහිරව නාමයෙන් මෙන්ම විශේෂයෙන් ඉසුරු සම්පත් ගෙන දෙන සුරක්ෂිත කරනා බහිරව දෙවියන් ඉසුරු දෙවියන් ලෙසද හඳුන්වනු ලබයි. උන්වහන්සේගේ වස්තුව දියුණුව ආකර්ෂණය ලබා ගැනීමට ඔබගේ ව්‍යාපාර ස්ථානයේ නිවසේ තැබිය යුතු විශේෂිත පහත සඳහන් යන්ත්‍රය ඉතා වැදගත් වනු ඇත.

නිවසේ ව්‍යාපාර ස්ථානය මුදල් ලාච්චුවේ තැබිය යුතු බහිරව යන්ත්‍රය (රූප සටහන බලන්න)

මෙම යන්ත්‍රය 2x2 හරි හතරැස් තඹ තහඩුවේ ඇත. දිෂ්ටි ප්‍රාණ පලිප්පු සිද්ධි මන්ත්‍ර න්‍යාය ධර්මවලට අනුව නැකැත් බලා ශාස්ත්‍රානුකූලව වගකීමෙන් යුතුව නිවැරදි යහන් පහන් දෙමින් පුර පක්ෂය තුළ ජීවම් කළ යුතුය.

මූල මන්ත්‍රය

ඕං නමෝ කාලි ඉරික්කුඩායුම් සුරුකුවානේ ක්‍රාඩි කෝලුම් ඉත්තවානේ කේවර කානුම් කයි උර්ලවානේ ඕඩි වාවා යන්ත්‍ර කාලියේ දිෂ්ටි වාවා අරි උරින්දු උර්ඩ්‍රම් ශිවා කාලි ශිව නිත්තුල් පුරන්ද පුඩියෙල් යන්ත්‍ර දිෂ්ටිකාලි වාවා ශිවකාම පෙසනි ඹරු තානුම් පුඩි පුඩි යන්ත්‍ර දිෂ්ටි කාලිවා ශිව කාම වර වර ශිව මෙත්ත වානේ කයි උර්ල වා වා උරුන්දු පෝනුම් ඉරි සත්ති ආනේ දේව ශිනි වා වා ජිවයු කෛර වානේ සැර පත්‍රකාලි ශිව ශිව උරුන්දු වන්දනේ ශිව කාලි වා වා ගුරු ගුරු පේෂනි සලිත වා වා නිච්චි මුත්තොල උරලා ශිව වා වා ඉඩත්තු පාක් කොඩුම් කාලි අම්මා වා වා විෂ්ණු නාරායනේ සලිත සලිත ශිනි ශිනි වා වා දිෂ්ටි බහිරව දිෂ්ටි පාතාල බහිරව දිෂ්ටි පාතාල බහිරව දිෂ්ටි අෂ්ටි බහිරව දිෂ්ටි මිහිකත බහිරව දිෂ්ටි දිෂ්ටි ශ්‍රී පත්‍ර කාලියේ යන්ත්‍ර දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ

ඉහත මන්ත්‍රයෙන් 3444 වරක් දින 7ක් තුළ ජීවම් කළ යුතුය. මුල මැද අග දිෂ්ටි ප්‍රාණ පලිප්පු කිරීම අනිවාර්යයි. ඉන් අනතුරුව පහත සඳහන් මන්ත්‍රයෙන් සාම්බ්‍රාණි ජීවම් කොට දුම් දෙන්න.

සාම්බ්‍රාණි ජීවම් මන්ත්‍රය

ඕං නමෝ ඕං භ්‍රීං නමඃ

බහිරව රූපාය නමඃ

පාතාල බහිරවාය නමඃ

අෂ්ට බහිරවාය නමඃ

භූමි දේවියාය නමඃ

මෙම මන්ත්‍රයෙන් දස දහස් වර සාම්බ්‍රාණි ජීවම්කර උදේ හවස යන්ත්‍රයට දුම් දෙන්න. ගසක මලක් පිබිදෙනවා මෙන් ඔබගේ දියුණුව ඒකාන්තයෙන්ම සැලසේ. මෙම කාර්ය ඔබ නොකඩවා සිදු කිරීමෙන් ඔබගේ සියලු සුබ ප්‍රාර්ථනා මුදුන්පත් වේ. ජයග්‍රහණය සර්ව වශී ආකර්ෂණය නොකඩවා ලැබේ. මෙය සිදු කිරීමෙන් පසු බහිරව භූමි දේව වන්දනාකොට පින් දී බහිරව දෙවියන් විමන්ගත කිරීමට අමතක නොකරන්න.

බහිරව දේව භූමි වන්දනාව

වන්දේ භූමි ගර්භාක්ෂිර්

ප්‍රමදාව මහි පතිම්

වාම් ස්වාගතම් පාක්ෂිර්

මාරක්ෂන්තු මහේෂ්වරි

මතක ඇතුව භූමියේ තම සිරස තියා වන්දනා කරන්න අනතුරුව දෙවියන් විමන්ගත කරන්න.

දෙවියන් විමන්ගත කිරීම

උඩ යට දස දෙසටම හිමිකම් පාමින් තෙද ඇති පොළොවට සහ සැම වස්තුව බැල්ම හෙලා එහි අධිපති කැවිලි පෙවිලි පහන් පඬුරු පින් සපුරා ඔබ නිති බහිරව දෙවියනි ආපසු වඩිනු මැනවි මහා බල ඇති.

 

Comments