අතුරුදහන් වූ පාසල් සිසුවියන් දෙදෙනා හමුවෙයි | සිළුමිණ

අතුරුදහන් වූ පාසල් සිසුවියන් දෙදෙනා හමුවෙයි

ඉඟිනියාගල, පොල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදහන් වූ බව කියන සිසුවියන් දෙදෙනා අකුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසක සිටියේදී සොයාගත් බව මීගහවත්ත පොලිසිය පවසයි
 
මෙම සිසුවියන් දෙදෙනා ඉකුත් 15 වනදා මෙලෙස අතුරුදන් වී තිබුණි
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි වියේ පසුවන සිසුවියන් දෙදෙනාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අදාළ ළමුන්ගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තිබුණි
 
මේ සිසුවියන් දෙදෙනා නිවසින් පිටව කොළඹට පැමිණිමෙන් අනතුරුව එක් සිසුවියක් සමඟ පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයෙක්ට ඇමතුමක් දී මුණගැසී තිබෙන බව වාර්තා වෙයි
 
පසුව එම තරුණයා විසින් මෙම සිසුවියන් දෙදෙනා ඔහුගේ මිතුරෙකුගේ අකුරුමුල්ලේ පිහිටි නිවෙසකට රැගෙන ගොස් ඔවුන්ට එහි නවාතැන් ලබා දී ඇති බව අනාවරණය වී ඇත
 

Comments