ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹට | Page 11 | සිළුමිණ

ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ නවතම දේශීය කල්වාරි පන්තියේ සබ්මැරීනය වන ‘වාගීර්’ ජුනි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වේ. 
 
‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ 9වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම සඳහා මෙම සංචාරය සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
 
ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයේ අණදෙන නිලධාරි කමාන්ඩ දිවාකර් එස්, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
තවද මෙම සංචාරය අතරතුර නරඹන්නන් සහ පාසල් සිසුන් සඳහා මෙම සම්බැරීන් ඒ විවෘතව තැබේ. 

Comments