වායු දූෂණය නිසා හදවත් රෝග අවදානමක් | Page 11 | සිළුමිණ

වායු දූෂණය නිසා හදවත් රෝග අවදානමක්

ඉහළ යමින් තිබෙන වායු දූෂණයත් සමඟ මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ ප්‍රකාශ කළේය.

දැනටමත් හෘදය රෝග අවදානමක් ඇති පුද්ගලයන්ට දූෂණය වූ වාතය ආශ්වාස කිරීමෙන් වඩාත් අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදුවිය හැකි බැවින් නගර ආශ්‍රිතව එළිමහනේ ගමන් කරනවිට KN 95 වැනි මුව ආවරණයක් පැලඳීම වඩාත් සුදුසු හෙතෙම පෙන්වා දුන්නේය. ෆොසිල ඉන්ධන දහනය සහ අධිකව දුම් පිටවන කර්මාන්ත ආදී කරුණු රැසක් නිසා මෙරට වායුගෝලය දූෂණය වෙමින් තිබෙන බවත්, එය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත් කීවේය.

Comments