
හදිසි අනතුරු, මරණය, මරණයේ ස්වභාවය, අන්තිම කැමැත්තේ දීමනා, රක්ෂණයක්, පාරිතෝෂිකය ඇතුළු කාරණා 20ක් 8 වැන්නෙන් පෙන්වයි
ජන්ම පත්‍රයක 8 වැනි භාවය හදිසි ලාභ පෙන්වන ස්ථානයයි. එසේම හදිසි අනතුරුද පෙන්වයි. මරණය සහ මරණයේ ස්වභාවය, සියදිවි නසා ගැනීම, ස්වාභාවිකව හෝ හදිසි අනතුරු සිදුවන ආකාර, ප්‍රමාද, උරුම, අන්තිම කැමැත්තෙන් දෙන දීමනා, රක්‍ෂණ, පාරිතෝෂික, ගුප්ත, කාලකණ්ණි, අවාසනාවන්ත, අභාග්‍ය, කනගාටු, දුක් කරදර, ආරවුල්, අගහිඟකම්, බාධා අවහිර යනාදිය මෙම භාවයෙන් පෙන්වයි.
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රයේ 8 වැනි භාවය යෙදී ඇති රාශිය, නක්‍ෂත්‍රය සහ උප ස්ථානය අධිපති ග්‍රහයන්ගේ සහ 8 වැනි භාවයේ උප ස්ථානය අධිපති ග්‍රහයා තැන්පත් නක්‍ෂත්‍රය හිමි ග්‍රහයාගේ දශා සහ අතුරු දශා කාලවලදී හදිසි ලාභ මෙන්ම අනතුරුද ගෙන දෙයි.
එසේම 8 වැනි භාවය අධිපති ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා තැන්පත්ව සිටි රාශිය, නක්‍ෂත්‍රය සහ උපස්ථානය අධිපති ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදීද හදිසි ලාභ මෙන්ම අනතුරු ගෙන දෙයි.මෙම ජන්ම පත්‍රයේ 8 වැනි භාව ස්ඵුටය කුම්භ රාශියේ 210 38’ 17“ හි යෙදී ඇත, මෙම භාව ස්ඵුටය ශනි ග්‍රහයා හිමි කුම්භ රාශියේ ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ ගුරු ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත, ඒ අනුව මෙම ජන්ම පත්‍රයේ 8 වැනි භාවය කුම්භ රාශියේ 210 38’ 17“ හි සිට මීන රාශියේ 230 21’ 54“ දක්වා යෙදී ඇත.
මෙම භාවය තුළ බුධ සහ සිකුරු යන ග්‍රහයන් දෙදෙනා තැන්පත්ව සිටියි.
ජන්ම පත්‍රයේ 8 වැනි භාවය, 7 වැනි භාවයෙන් දෙවැන්නය. ඒ නිසා ජන්මියාගේ සහකරුගේ 2 වැනි භාවයට සම්බන්ධ කටයුතු ගැන පෙන්වයි. ජන්මියාගේ ගෙවීම් මඟින් සහකරුගේ හෝ ණය හිමියාගේ මුදල් තත්ත්වය වර්ධනය වෙයි. ජන්මියාට මුදල් අවශ්‍ය වන විටකදී ඒ තැනැත්තාගෙන් මුදල් ලබා ගත හැකිය. මෙහිදී පෙන්වන්නේ ණය හිමියාගේ මුදල් තත්ත්වයයි. ඒ අනුව 8 වැනි සහ 12 වැනි භාව ක්‍රියාත්මක වන විට ජන්මියා මුදල් ගෙවයි. 6, 8 වැනි සහ 11 වැනි භාව ක්‍රියාත්මක වන විට ජන්මියා මුදල් ලබයි.
මෙම ජන්මියා ණය මුදලක් ලබා ගන්නා කාලය සොයා ගැනීමට ජන්ම පත්‍රයේ 6, 8 සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් බලන්න.
6 වැනි භාවය; භාවය අධිපති ගුරු ග්‍රහයාය, ගුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල කුජ සහ බුධ යන ග්‍රහයන් තැන්පත්ව සිටිති. මෙම 6 වැනි භාවයේ වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.
8 වැනි භාවය; භාවය අධිපති ශනි ග්‍රහයාය, ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටියි. මෙම 8 වැනි භාවයේ බුධ සහ සිකුරු යන ග්‍රහයන් තැන්පත්ව සිටිති. බුධ ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල රවි සහ රාහු යන ග්‍රහයන් තැන්පත්ව සිටී.
11 වැනි භාවය; භාවය අධිපති සිකුරු ග්‍රහයාය, සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත. මෙම 11 වැනි භාවයේ වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත. මේ අනුව 6 වැනි, 8 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, කුජ, බුධ, ශනි, සිකුරු, රවි සහ රාහු යන ග්‍රහයන් වෙති. මෙම ග්‍රහයන්ගේ පලදායි නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියාට ණය මුදලක් ලබාගත හැකි වෙයි. මෙම ග්‍රහයන්ගේ පලදායි නිවේදකත්වය ඇති ග්‍රහයන් තෝරා ගමු.
භාව නිවේදක ග්‍රහයන් ගුරු, කුජ, බුධ, ශනි, සිකුරු, රවි සහ රාහු පාලක ග්‍රහයන් ගුරු, සිකුරු, ශනි සහ සඳු පොදු ග්‍රහයන් ගුරු, සිකුරු, සහ ශනි. මෙම පලදායි නිවේදකත්වය ඇති ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියාට ණය මුදලක් ලබා ගත හැකි වෙයි.
ක්‍රිස්තු වර්ෂ 2021 ජූලි මාසයේ 21 වැනි දින දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාවේ කේතු ග්‍රහයාගේ භුක්තිය පැවතුණි. ක්‍රිස්තු වර්ෂ 2021 ජූලි මාසයේ 21 වැනි දින සිට 2024 මාර්තු මාසයේ 21 වැනි දින දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාවේ සිකුරු ග්‍රහයාගේ භුක්තිය පවතියි. මෙම කාල සීමාව පලදායි වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
ජී. එච්. ඩබ්ලිව්. සිල්වා