කෝටිය කොල්ලයේ සැකකරුවන් සොයා මහජන සහය පතයි | Page 11 | සිළුමිණ

කෝටිය කොල්ලයේ සැකකරුවන් සොයා මහජන සහය පතයි

බොරලැස්ගමුව පොලිස්වසමේ ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ කොල්ල කෑමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි
 
පසුගිය 12දා දිවා කාලයේදී එම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා රුපියල් 10,707,880ක් පමණ වටිනා දේශිය මුදල්, විදේශීය මුදල්, හා රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සේප්පුවක් කොල්ල කා තිබෙන බව පොලිසිය පවසයි
 
මේ සඳහා පැමිණි සැකකරුවන් දෙදෙනාගේ CCTV දර්ශන මේ වන විට පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙයි
 
මෙහිදී සැකකරුවන් සේප්පුව රැගෙන පදික වේදිකාවක ගමන් කරන දර්ශන පවතියි
 
මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් පහත අංක අමතන ලෙසයි පොලිසිය ඉල්ලා සිටියි
 
ස්ථානාධිපති බොරලැස්ගමුව - 071-8591646 
පොලිස් ස්ථානය බොරලැස්ගමුව - 011-2150769

Comments