නාවික විරුවන්ගේ දිය යට මෙහෙයුම චීන රජයේ ඇගයුමට | Page 11 | සිළුමිණ

නාවික විරුවන්ගේ දිය යට මෙහෙයුම චීන රජයේ ඇගයුමට

ලෝක අවධානයට ලක්වූ ‘ලූපෙන් යුවාන්යු 028‘ චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ විශිෂ්ට කිමිදුම් වික්‍රමයට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයන් සහ කිමිදුම් කණ්ඩායමේ 9 දෙනා වෙත චීන රජයේ උපහාරය පිරිනමා ඇගැයීමේ උත්සවයක් ඉකුත් 6 දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ චීන තනාපති කී ෂෙන්හොං ගේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී මෙම මෙහෙයුමට එක්වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායම සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තනාපති කී ෂෙන්හොං, මහාමාර්ග, ප්‍රවාහන සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ආරාධිතයන් පිරිසක් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.

Comments