සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - මිශ්‍ර පල සහිතයි

සඳු ගමන් කරන්නේ 12 ලග්නය දෙවැන්න සහ තුන්වැන්න හරහාය. ආරම්භය දුර ගමන් යෙදිය හැකි අතර සිත් රිදීම් ඇතිවිය හැක. ඉන්පසුව ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකි අතර රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. දරුවන්ගේ ඉගෙනුම් සපලතාවට පත්වන සහජ දක්ෂතාවන්ට ඉඩකඩ ලැබෙන සහෝදර උපකාර හිමි වන සතියකි. අපල අවම කර ගැනීමට අසරණ අයට උපකාර කරන්න.

සුබ අංක 5, 7, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා

 

වෘෂභ - යහපත් සතියකි

සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය ලැබීම් සහිතය. රැකියා, ව්‍යාපාර ආදියෙන් පමණක් නොව හිතවතුන්ගෙන් ද උපකාර ලැබෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පල දරන පුණ්‍ය කටයුතුවලට සහභාගී වන සතියකි. එහෙත් සතියේ මැද කොටසේදී සිත් රිදීමක් කලකිරීමක් ඇතිවිය හැකි බැවින් දරා ගැනීමේ ශක්තිය වර්ධනය කර ගන්න. අපල අවම කර ගැනීමට අලුයම බුදුන්ට පැන් වීදුරුවක් තබා වර්ණ කීපයකින් යුතු මල් පූජා කර දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක 3, 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

මිථුන - ආර්ථික ලාභ‍

සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලැබීම් සහිත ආර්ථිකය ශක්තිමත් වන යහපත් සතියකි. දරුවන්ගේ සියලු ප්‍රාර්ථනාවලට සුබ පල උදාවෙයි. ශක්තියෙන් ධෛර්යයෙන් යුතුව තම යුතුකම් සියල්ලත් ඉටුකිරීමට වෙහෙස වෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගි වෙමින් දිවි ගෙවයි. අන්‍යයන්ට උපකාරී වෙයි. හිතවත් අයෙක් නිසා සිත් රිදීමක් හෝ පාඩුවක් සිදුවිය හැක. අපල අවම වීමට දුර්වල කෙනෙකුට පිහිටක් වන්න. මඟතොටේදී පොදු වාහනයකදී තම අසුන ප්‍රදානය කරන්න.

සුබ අංක 3, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

කටක - පුණ්‍ය කටයුතුවලට දායක වෙයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. ආරම්භය පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ලබා දෙයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලබන සහ දුර ගමන් බිමන්වලට ඉඩකඩ ඇති සතියකි. සමහර විට දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි ලැබිය හැකිය. ලැබීම් සහිතය. සතියේ අවසාන දිනය ගැටලු සහගත විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. අපල අවම වීමට දරුවෙකු ලද මවකට උපකාර කරන්න. සඳුදා උදේ සුදු මල් පූජා කර පත්තිනි දේවියට පින් දෙන්න.

සුබ අංක 2, 7, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා

 

සිංහ - සුබ සතියකි

සඳු ගමන් කරන්නේ 8, 9, 10 සහ 11 වැන්න මතිනි. ආරම්භය කනගාටුදායක පුවත් අසන්නට ලැබිය හැකි අතර ඉන්පසු දින කීපය යහපත්ය. පුණ්‍ය කටයුතු සිදු කරමින් අන්‍යයන්ට උදවු උපකාර කරමින් සතුටින් ගත කරයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමි වේ. ආර්ථිකය ශක්තිමත් වන අතර සමාජශීලී වැඩවලට ද යොමු විය හැක. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් සතුටු විය හැක. අපල අවම වීමට ලේ දන් දීම, ශාල්‍යකර්මයකට භාජනය වූ අයෙකුට උදවු කිරීම කරන්න.

සුබ අංක 1, 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

 

කන්‍යා - රැකියා දියුණුව

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර, කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වන යහපත් සිතුවිලි පල දරන සතියකි. කනගාටුදායක පුවත්ද අසන්නට ලැබෙයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය වැඩි වෙයි. ගමන් බිමන් ද අධික වේ. අවිවේකය බලපවත්වයි. නව හිතමිතුරන් හඳුනා ගැනීමට ලැබෙයි. දරුවන්ගේ දක්ෂතා අසන්නට සතුටු වන්නට අවස්ථාව සැලසේ. අපල අවම වීමට අසරණ පවුලක කුඩා දරුවෙකුට ඉගෙනීමට උදවු කරන්න. පොතපතක් පරිත්‍යාග කරන්න.

සුබ අංක 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - සිකුරාදා, බදාදා

 

තුලා -මිශ්‍ර පල දායකයි

සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 භාවයන් මතිනි. සාමාජීය කටයුතුවලට සහ පුණ්‍ය කටයුතුවලට වැඩි දායකත්වයක් සපයයි. ප්‍රසිද්ධියක් ඇතිවිය හැකි මෙන්ම නව මිතුරු ඇසුරක් ද ගොඩ නැඟෙයි. ගෘහ ජීවිතයේ සියලු වගකීම් යුතුකම් හරිහැටි ඉටු කරයි. අසනීප අපල තත්ත්වයන් ද පෙන්නුම් කරන බැවින් කරන කියන කටයුතුවලදී කල්පනාකාරී වන්න. අපල අවම වීමට කරඳ පැළයකට ජල බඳුනක් දමන්න. වර්ණවත් සුවඳවත් මල් බුදුන්ට පූජා කරන්න.

සුබ අංක 6, 9, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

වෘශ්චික - රැකියා, ව්‍යාපාර දියුණුව

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ දක්ෂතා අසන්නට ලැබෙයි. ඔවුන්ගේ සියලු යහපත්

බලාපොරොත්තු ඉටුවන සතියකි. රැකියා, ව්‍යාපාර දියුණු වන ලකුණු පෙන්වයි. ගමන් බිමන් යෙදෙන ගෘහ ජීවිතය සතුටින් ගෙවිය හැකි බවක් පෙනෙන්නට ඇත. අසනීප, සතුරු කරදර මෙන්ම අපල තත්ත්වයන් ද පෙන්වයි.

අපල අවම වීමට අඟහරුවාදා දින නිර්මාංශ වන්න. අක්ෂි දුර්වලතා ඇති අයට උදවු කරන්න.

සුබ අංක 2, 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

 

ධනු - මවු දෙමවුපියන්ගෙන් උපකාර

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදරදොර කටයුතු අනලස්ව කරනු ලබන අතර අලංකාරයට මුල් තැනක් දෙයි.

මවු දෙමවුපියන්ගෙන් උපකාර හිමි වෙයි. දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව ඇති කරයි. රැකියා, ව්‍යාපාර දියුණුව සමාජ සේවා

සුබ සාධන කටයුතුවලට සහභාගිත්වය සිදු වේ. සතුරු කරදර ඉවත්ව යයි. අසනීප ගති මතුවිය හැක.

අපල අවම වීමට ස්වාමීන් වහන්සේට උවටැන් කරන්න.

සුබ අංක 5, 6, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා

 

මකර - විදෙස් ගමන් යෙදේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහෝදර මාපිය දූදරු සබඳතා වර්ධනය වේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ දක්ෂතා වර්ධනය කෙරෙයි. දරු පල ප්‍රමාද වූ අයට සුබ පණිවිඩ ලැබේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ඇති වෙයි. විදෙස් ගමන් බලාපොරොත්තු වූ අයට ද ඒවා සාර්ථක කෙරෙන ලකුණු. සුබදායී දින කීපයකි.

අපල අවම කර ගැනීමට උදේ හෝ සවස භාවනාවක යෙදෙන්න.

සුබ අංක 6, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

කුම්භ - ධන ලාභ

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ධනය හිමිවන ගෘහ ජීවිතයේ යහපත් කරුණු කාරණා ඉටුවිය හැකි සතියක් වෙයි. පදිංචි ස්ථානයේ දියුණුවට උනන්දු වෙයි. දරුවන්ගේ දක්ෂතා අසන්නට ලැබෙයි. හිතවත් අයගෙන් උදවු උපකාර ලැබෙන ආර්ථිකය ශක්තිමත් වන ක්‍රියාශීලී දින කීපයකි. පවුලේ සමගිය වර්ධනය කෙරෙයි. දුර ගමන් යෙදිය හැක.

අපල අවම වීමට රෝගීන්ට පිහිටවන්න.

සුබ අංක 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

 

මීන - වාසනාවන්ත සතියකි

සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න, තෙවැන්න හා සිවුවැන්න හරහාය. ඔබට අන්‍යයන්ගේ ආශිර්වාදය හිමිවන ප්‍රසිද්ධිය කීර්තිය පැතිර යන සතියකි. අතමිට මිල මුදල් ගැවසේ. ආර්ථිකය ශක්තිමත් වන අතර ගෘහ ජීවිතයේ සමගිය ද දූවා දරුවන්ගේ දක්ෂතා ද පෙන්නුම් කරයි. පුණ්‍ය කටයුතුවලට සහභාගී වන දුර ගමන් යෙදෙන බවක්ද දැක්වේ. අපල අවම වීමට බෝ පත්‍ර අතින් අහුළා දමා බෝධියට පැන් කළයක් දමන්න. කහ පාට මල් පූජා කරන්න.

සුබ අංක 3, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

 

 

Comments