
සිකුරු සඳු හතේ සිටියොත් විවාහයට ලස්සන ප්‍රියංකර බිරියක්
සඳු 7 ට බලවත් නම් කේන්දර හිමියා සදාචාර සම්පන්නයි
ඔබේ ලග්නය කුමක් වුවත් එම ලග්නයෙන් හත්වන භාවය විවාහය පිළිබඳ තොරතුරු හෙළි කරයි. සහකරු හෝ සහකාරියගේ තොරතුරු පරික්ෂා කළ යුත්තේ හත්වැන්නේ සිටය. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු ප්‍රශ්නය වන්නේ හත් වැන්නේ කිසිම ග්‍රහයෙකු නැතිවීම හත්වැන්නාධිපතියා සිටින ස්ථානයේ සිට තොරතුරු පරීක්ෂා කළ යුතු බවය.
හත්වැන්නේ රවි, සඳු ආදී වශයෙන් ග්‍රහයන් නව දෙනාගෙන් යම් ග්‍රහයෙක් සිටියේනම් හත් වැන්නේ සිටින සහකරු හෝ සහකාරියගේ තොරතුරු පරීක්ෂා කළ යුතුය.
මෙහිදී හත්වැන්නාධිපති හතේ සිටිය යුතු නැත. හත්වැන්නාධිපතියා තම පෙම්වතියගේ හෝ පෙම්වතාගේ ලග්නාධිපතියයි. ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ ස්වරූපය, පෞරුෂය සහ අනාගත ගතිගුණ, කල් ක්‍රියාව, උස් පහත් බව, චපල ගති ආදිය හත්වැන්නෙන් පරීක්ෂා කළ යුතුය.
හත්වැන්නේ සිකුරු, සඳු ආදී සෞම්‍ය ග්‍රහයන් සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව සිටීමෙන් ලස්සන ප්‍රියංකර පෙනීමෙන් යුත් ස්වාමියෙක් හෝ භාර්යාවක් ලැබීමට වාසනාව ඇත.
රවි සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව හත්වැන්නේ සිටීමෙන් අභිමානවත්, එසේම දියුණු වීමේ තද ආසා ඇති එසේම දියුණු විය හැකි පරාර්ථකාමි ස්වාමියෙක් හෝ භාර්යාවක් ලැබෙනු ඇත. සඳු බලවත්ව හත්වැන්නේ සිටීම ඉතාම යහපත්ය. ජන්මියා සදාචාර සම්පන්න අයෙකු වන අතර සහකරු සහකාරිය ඉතාම ලස්සන අයෙක්ද වෙයි.
කුජ සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව හත්වැන්නේ සිටීමෙන් පුන් පියයුරුවලින් සුරූපී සහකාරියක් ලැබීමේ භාග්‍යය සහකරුට ඇත. කාන්තාවකට එම යෝගය තිබීමෙන් මනා අඟපසඟින් යුත් කාය ශක්තිය ඇති ස්වාමිපුරුෂයෙකු ලැබීමද ස්ථිරය.
එමෙන්ම සහකරු හෝ සහකාරිය සදාචාර සම්පන්න ගුණගරුක පරාර්ථ චර්යාවෙහි නියැළෙන අයෙක් වෙයි. බුධ ස්වක්ෂේත්‍ර බව හෝ උච්ච ක්ෂේත්‍රව එසේ නැත්නම් බුධ දෘෂ්ටියෙන් බලවත්ව හත්වැන්නේ සිටීමෙන් නිදහස් නිවහල් සිතුම්වලින් යුක්ත සහකරුවෙක් හෝ සහකාරියක් ලෙස ලැබේ.
ගුරු හත්වැන්නේ බලවත්ව සිටීම ගුණගරුක යහපත්, කීර්ති ප්‍රසංසා ලබන ජනාදරයට පත්වන දිගු කල් ජීවත්වන ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක ලැබීමට හේතුවකි.
හත්වැන්නේ රාහු සිටින විට ස්වාමියා හෝ භාර්යාව උස් සිරුරකින් යුක්ත වෙයි. සියුම් ඥානයක් ඇත. කතාවෙහි දක්ෂය. කඩිසර අයෙකි. හත්වැන්නේ රාහු සිටින විවාහය බොහෝ පමා වීමට හෝ ඉතා බාල වයසේදීම සිදු විය හැකිය. ඇතැම් ජන්මීන්ට විවාහ කීපයක් සිදු කිරීමට හත්වැන්නේ සිටින රාහු සමත් වී ඇත.
වැන්දඹු භාර්යාවක් හෝ ස්වාමියෙකු ලැබීමට ද කන්‍යා භාවය කෙලෙසා ගත් තැනැත්තියක් හෝ විවාහ වීමටද හත්වැන්නේ රාහු ඉඩකඩ සලසා ඇති අවස්ථා දැකිය හැකිය.