
උදාරත්වය, පාලන ශක්තිය, ක්‍රියාශූරත්වය, ජීව බලය, රෝග නාශක බලය මෙන්ම නිර්භීතකමද ලබා දෙන හිරු හෙවත් රවි ග්‍රහයා ජුනි මස 15 වැනිදා පස්වරු 6.16ට පුළුල් ඥාන සම්භාරයක් ඇති බුධ ග්‍රහයාට අයත් මිථුන රාශියට පැමිණීමෙන් ලග්න අටකට ඉතා සුබ පල උදා කරයි.
ඒ අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා හා මකර ලග්න හිමියන්ට සුබදායි කාලයක් උදා වනු ඇත. ඔබගේ ලග්නයට මෙම ග්‍රහ මාරුව බලපවත්වන්නේ පහත ආකාරයටය.
මේෂ :- ඔබට මෙතෙක් අතපසු වී තිබු වැඩ නැවත ආරම්භ කිරීමටත් ඒවා සම්පූර්ණ කර ගැනීමටත් හැකි වන අතර ඇසුරු කරන අය අතර ප්‍රධානත්වය හිමි වේ. මෙතෙක් ඔබට යම් රෝග පීඩාවක් තිබුණේ නම් ඉන් සුවය ලැබෙන්නට වැඩි ඉඩකඩක් පවතී.
වෘෂභ:- ප්‍රසිද්ධ වැඩවලින්, ව්‍යාපාර කටයුතුවලින් ආදායම් ලැබෙන, කතාවට ක්‍රියා ශූර කෙනෙක් වෙයි. අන්‍යයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි අතර පොළොවෙන් ලබා ගන්නා දේට භාග්‍ය පවතී. ගනුදෙනුවලදී ප්‍රවේශම් වීම වැදගත් වේ.
මිථුන :- මිථුන ලග්නයෙන් උපන් අයට මෙම ග්‍රහ මාරුව විශේෂ ඥාන යෝගයකි. නව දැනුම් උත්පාදනය කරයි. ලිපි ලේඛන, පොත්පත්, පුවත් පෙළගස්වන ලේඛකයිනට සුබ කාලයක් වෙයි. ගමන් බිමන් අධික, උසස් මිතුරන් මුණ ගැසෙන, ජයග්‍රහණ ලබන කාල වකවානුවක්ද වෙයි.
කටක :- ඉඩකඩම්, මිල මුදල්, දේපළ උරුම හිමි විය හැකි අතර එය ඔබේ උපතේදී රවි බලවත්ව සිටීම අනුව අඩු වැඩි වෙයි. විදේශ ගමන් ඉල්ලුම් කර තිබුණේ නම් සුබ පණිවුඩ ලියකියවිලි ලැබේ. රැකී රක්ෂා කටයුතු වෙනුවෙන්ද දුර ගමන් යෙදිය හැක.
සිංහ :- ඔබට මෙම රවී මාරුව වාසි සහගතය. දෙවැන්න අධිපති අයස්ථානය වූ 11 වැන්නට යාම අතමිට මිල මුදල් ගැවසෙන කාලයක් වනු ඇත. එහෙත් ඔබ උනන්දු නොවුණහොත් එහි සුබ පල නෙළා ගැනීමට නොහැකි වේ. කරන කියන කටයුතුවලදී කාර්යක්ෂම වන්න. රන් රිදී ආභරණ ආශ්‍රිත කටයුතු කරන අයටද යහපති.
කන්‍යා:- ඔබට රෝග නිවාරණ ශක්තිය ලැබී මෙතෙක් බලපෑ අසනීපවලින් සහනයක් බලාපොරොත්තු විය හැකි අතර රාජකාරි කටයුතුවලින් උසස් වීම් තනතුරු ලාභ හිමි වේ. තමාට පැවරෙන වගකීම් නිසි අයුරින් ඉටු කිරීමෙන් කීර්තිය ගෞරවය හිමි කර දෙන ග්‍රහ මාරුවක් ලෙස සැලකිය හැකිය.
තුලා :- පුණ්‍ය කටයුතුවලදී ඔබට ප්‍රධානත්වය ලබා දෙයි. උසස් ඉගෙනීම් සඳහා දේශාන්තර සංචාරය ලැබීමේ භාග්‍ය උදා කරයි. නැණ නුවණ වර්ධනය වන මෙන්ම පවුලේ දියුණුවට බොහෝ වැඩ කටයුතු සලසා ගනියි. යහපත් ග්‍රහ මාරුවකි.
වෘශ්චික :- මෙම ග්‍රහ මාරුව ඔබට සුබ ප්‍රතිඵල මෙන්ම අසුබ පලද දක්නට ඇති බැවින් කරන කියන කටයුතුවලදී ප්‍රවේශම් සහගත වන්න. විදෙස් ගමන් සඳහා භාග්‍ය මතු කරයි. විවාහ කටයුතුවලින් දායාද ලැබීමට පුළුවන. උගත් මිතුරන් මුණ ගැසෙයි.
ධනු :- රවි ඔබගේ 9 වැන්න වූ භාග්‍යස්ථානය අධිපති බැවින් 7 වැන්නට පැමිණීම අයහපත් නැත. ව්‍යාපාර හා රජයේ තානාන්තරවලින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. යුග දිවියේ ගැටලු මතු වීමට සුළු වශයෙන් ඉඩ ඇති බැවින් ඉවසීම ප්‍රගුණ කර නිරාකරණය කරගැනීමට උනන්දු වන්න.
මකර :- 6 වැනි භාවයට රවිගේ පැමිණීමෙන් ඔබ තුළ රෝග නිවාරණ ශක්තිය ඇති කරයි. මෙතෙක් පීඩා විඳි අසනීප සුව වීමේ ප්‍රවණතාවක් ඇත. අක්ෂි රෝග සුව වේ. සතුරු කරදර අවම වේ. ගෙදර දොර දියුණුව ඇතිවේ.
කුම්භ :- ඔබේ නැණ නුවණ වර්ධනය වී අධ්‍යාපන තත්ත්වයෙන් උසස් වේ. ජයග්‍රහණ ලබයි. ප්‍රධානත්වයට පත්වේ. දරු පල සම්බන්ධ කාරණාවලදී ප්‍රවේශම් සහගතව දරු ගැබ ආරක්ෂා කර ගැනීම යහපත්ය. උෂ්ණාධික කෑමබීමවලින් වළකින්න.
මීන:- ඔබටද මෙම ග්‍රහ මාරුවෙන් මිශ්‍ර පල අත් කර දෙයි. මවු පාර්ශ්වයේ ඥාතීන්ගේ විරෝධය මතු විය හැකිය. ඉඩකඩම් ගැටලු මතු වේ. මැදිහත් සිතින් ඉවසීමෙන් කටයුතු කරන්න. එම ස්ථානයේ උපතේදී බුධ සමඟ යෝග වීමක් තිබුණේ නම් ලියන කියන කටයුතුවලින් ජයග්‍රහණ ලබයි.
රවි බුධගේ රාශිය වූ මිථුනයට මධ්‍යස්ථ බවක් උසුලයි. එහෙත් එහිදී සංයෝග වන ග්‍රහයා අනුවත් ලැබෙන ග්‍රහ දෘෂ්ටි අනුවත් ලැබෙන ප්‍රතිඵල වෙනස් වීමට ඉඩකඩ ඇත. එහිදී බුධ සමඟ සංයෝග වු කල බුධ ආදිත්‍ය යෝගය වැනි ප්‍රබල යෝග නිර්මාණය වේ.
ජුනි 25 දිනෙන් පසුව ඔබට එම ප්‍රතිඵලය භුක්ති විඳින්නට හැකි වනුයේ බුධ ද තම රාශියට පැමිණීම නිසාවෙනි. රවි ග්‍රහයා හරියටම මාසයක පමණ කාලයක් මිථුනයේ රැඳී සිටිනු ඇත.
ග්‍රහ මාරුවෙන් ඇති වන්නා වූ අපල අවම කර ගැනීමෙන් තිබෙන්නා වූ සුබ පල වර්ධනය කර ගැනීමටත් පොදුවේ ඔබ සියලු දෙනාටම කළ හැකි වත් පිළිවෙත් කීපයක් සඳහන් කරනු කැමැත්තෙමි.
1. රවිගේ මාරුව සිදුවන ජුනි 15 දින සවස 06.16 ට රතු නෙළුම් මල් සොයා ගත නොහැකි නම් රතු රෝස, මූණ මල් , මහ රත්මල, කුඩා රත්මල් සිද්ධාර්ථ මල් යනාදී මල් වර්ග පූජා කර බුදුන්ට පහනක් දල්වන්න. කතරගම දෙවියන්ට, ඊශ්වර දෙවියන්ට පින් දෙන්න.
2. පසුදා උදේ සිට ඉර පායාගෙන එන විට සූරිය පිරිත කියන්න.
3. එනසාල්, මනෝසීල, දේවදාර, කුංකුමප්පු, සැවැන්දරා, වැල් මී, නෙළුම් රේණු ආදිය තැම්බූ වතුර ස්නානය සඳහා යොදා ගන්න.
4. රත් නෙළුම් මල්, රතු රෙදි, සීනි, පරිප්පු ආදියෙන් එක් දෙයක්වත් නැති බැරි අයෙකුට පරිත්‍යාග කරන්න.
5. ඉඹුල් වෘක්ෂයකට සත්කාර කරන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ