
පලාපල පරීක්ෂාවේදී 11 වැනි රාශිය ගැනත් විමසිය යුතුයි
11 වැන්න මේෂයට හෝ වෘශ්චිකයට නම් ගෝචරය අඟහරුවට ගියොත් අඟහරු අතුරු දශාවෙන් හදිසි ධන ලාභ
කුරුල්ලන් වත්තේ කලබල කළොත් දින 90කදී භූමියෙන් හිමි වස්තුවක්
මනුෂ්‍යත්වය ලැබීම ඉතා වාසනාවන්ත බවත් ඉතා දුෂ්කර බවත්, හැමෝම දන්නා කාරණයකි. ඒ වාසනාව ලැබු ඔබ තවත් වාසනාවන්ත කරුණු කීපයකට උරුමකම් කියන කෙනෙක් බව දැනගත යුතුමය. අපේ ඉඩමේ අපේ ගෙදර කිසියම් අප සතු වස්තුවක් තිබෙනවද කියා දැන ගන්නේ කොහොමද? නිධානයක් තිබේනම් කැප කළ බහිරවයෙක් ඒක රකින්නම ඕනෑ. බහිරවයන් මිනිසුන් වගේ නොවේ. ඒ අයට කැප නොවූ දේවල් තමා සතු කර ගන්නේ නැහැ. එවැනි දේවල් බහිරව පූජාවෙන් තොරව ගන්න හැකි වෙනවා.
අපි දානයක් බුද්ධ පුත්‍රයන් වහන්සේට දෙන විටත් කැප කිරීමක් කරන්න ඕනෑමයි. ඒ කැපකිරීම තමයි ඒ අය ‘සංඝගත‘ කරනවා කියන්නේ. එහෙම සංඝගත නොවුණොත් ඒ ආහාර ඒ අයට ගන්න කැප නැහැ. ඒ වගේම තමයි බහිරවයන්ටත් මෙහෙම වස්තුවක් කැප නොකළොත් රකින්නත් / දෙන්නත් වරම් නැහැ. හැබැයි ඒ තැන හෝඩුවාවක් කරනවා. එවැනි බහිරව වස්තු ගන්ට බිලි පූජා අවශ්‍ය නැහැ. අපි උදාහරණයක් වශයෙන් නිධන් බහිරවයා ගනිමු. යම් වස්තුවක් නිධන් බහිරවයාට කැප කරලා ඒක දෙන්න සුදුසු අය සහ පූජාවට තැබිය යුතු, ගන්න ක්‍රමය නිධන් වදුලේ සටහන් කරනවා. එතකොට ඒ වස්තුව ගත හැක්කේ ඒ නියමිත අයට විතරයි. නියමිත ආකාරයටමයි. නමුත් පහතින් සටහන් කරන්නේ බහිරව පූජා නොදී ප්‍රේත තටුව දී බහිරව ඉනාවකින් ගැනීමේ පිළිවෙළයි.
අපි දන්නවා සුළු දෙයක් වුණන් දරුවෙකුට අකුරු කරන කොට සාමාන්‍ය බුලත් - මල් - පලතුරු- කැවිලිවලට අමතරව කළු උක් ගස් තබන්ට ඕනෑ බව. ඒ වගේම පත්තිනි මෑණියන්ගේ පූජාවලට කිරි ආහාර තබන්ට ඕනෑ. සූනියන් දෙවියන්ගේ පූජාවට ගිතෙල් - හකුරු තැබීම අනිවාර්ය වනවා. එහෙම නැතුව ඒ අයට ඒවා ගන්ට බැහැ. කලින් කී කරුණු වගේම බහිරවයන්ටත් ආවේණික පූජාව තිබේ. නමුත් ප්‍රේත තටුව දී බහිරව ඉනාව කළාට ලකුණු පහළ කරනවා. මේ පුද පූජා එච්චර වියදම් යන ඒවා නොවේ. රාත්‍රි 8 ට ආරම්භ කළාම රාත්‍රි 12 වන විට අවසන්ය. මේවා බහිරව පූජාව නොවුණත් ලැබිය යුත්තාට ලබා දීමක් විතරයි. මින් සිදුවන්නේ මේ වස්තුව අයිති ගෙහිමියාට හෝ පවුලේ කෙනෙකුට විතරයි. ගැනීමට නොහැකි වුවහොත් වෙනත් ලේ උරුමක්කාරයෙකුට හිමි වනවා. එතෙක් එම තැනම තිබෙනවා.
ඔබේ ගෙදර මෙවැනි භූමි ලාභ තිබෙනවද? කියා දැනගන්නේ කෙසේද? මුලින්ම දැනගත යුත්තේ ඔබේ ගෙදර තිබෙන සාමාන්‍ය බඩු හදිසියේ නැති වෙනවාද? එසේ වී ටික දිනකින් නිකම්ම නැවත හම්බ වෙනවා ද? එසේ නොමැතිනම් කළු කුහුඹි එක පෙළට පෙරහරක් වගේ යනවා ද? ඔන්න ලකුණු එහෙමනම් මේ පෙර සංඥාවලින් දැනගන්න ඔබේ ඉඩමේ ඔබට හිමි වස්තුවක් ඇති බව.
සමහර විට කුරුල්ලෝ ඇවිල්ලා සිංදු කියල කලබල කරලා යාවි. ඒක ඔබට කරදරයක් වුණාට උන්ව එළවන්නට එපා. මේ සංඥාව ලැබී දින 90ක් තුළ හිමි වස්තුව ලැබීමේ වාසනාව ළං වෙනවා. ඔබ එයට කිසිම ප්‍රතික්‍රියාවක් නොකළොත් වස්තු භංගත්වයට පත්වී වෙනත් දවසක වෙනත් ලේ උරුමක්කාරයෙකුට යාවි. සමහර විට මේවා ඔබ නින්දෙන් රාත්‍රි 10ත් 2ත් අතර කාලයේදී සලකුණු කරයි. මේවා හදිසි ධන ලාභ බව අමතක කරන්න එපා.
ඒ වගේම ඔබේ කේන්දරයේ ගුණාගුණ නැත්නම් පලාපල පරීක්ෂා කරන විට 11 වැනි රාශිය ගැනත් මඳක් විමසා බලන්න. අපි හිතමු 11 වැන්න අයිති වුණේ මේෂයට හෝ වෘශ්චිකයට කියා. ගෝචරය අඟහරුට ගියොත් ඒ අඟහරුගේ අතුරු දසාවනම් ඔබට හදිසි ධන ලාභයක් සිකුරුයි. තව එකක් එතැන අඟහරුට නීච හතුරු වුණොත් අනුන්ට ගහපු පහරකින් තමුන්ට ලේ ගලන තුවාලයක් සිදු වේවි. එසේ කීවේ හදිසි ධන ලාභ / අලාභ ගැනයි.
ඒ වගේම කේන්දරය බලනකොට 6 වැනි රාශියත් බලාගන්න. මොකද එතැන ශත්‍රෘ සටානය ඔබ නිමිති ශාස්ත්‍රය වඩා හොඳට ඉගෙන නොගත්තත් සුළුවෙන් හරි දැනගන්න. වත්තේ පොළොවේ පැළයක් සිටුවන්න. ඊට පෝර දමන්න එපා. පැළය හොඳට පැලවේනම් සශ්‍රීකයි. ඒ පොළොව තුළ බොහෝ දුරට වස්තුව තිබේ. ගස නැත්නම් පැළය කොඩ වනවානම් ප්‍රේත බැල්මක් ඇත. වත්තේ තලගොයි හුබා හදනවානම් නයි ඒ පැත්තේ සිට විරුද්ධ පැත්තට යනවානම් සුබයි. වස්තුවක් රකිනවා. ඒවා නවත්වන්ට එපා. ඒවා වස්තුව ලැබීමෙන් හෝ වස්තු භංගයෙන් පසු ඉබේටම නවතීවි. අපට ගොඩක්ම නොලැබි යාම් තිබෙන්නෙ මේ නිමිති - සංඥා නොදන්නා නිසයි.
ඔබේ ඉඩමේ ඇති වස්තුවක් ගැන සැකයක් මතු වුණොත් පිරිසිදු මැටි පහනකට අඹ තෙල් හෝ පස් තෙල් දමා පහන දල්වා කළවම් නැති සාම්බ්‍රානිවලට මෙම මන්ත්‍රය 21 වර මතුරා නිවසට වත්තට දුම් අල්ලන්න. එවිට මෙම පහන් දැල්ල එක් පැත්තකට කැරකෙනවානම් ඔන්න විශ්වාසයෙන්ම බලාගන්න. ඔබලාට හිමි වස්තුවක් ඇති බව. ඔය අත්හදා බැලු ගුරුකමක්. ඔය තෙල්වලටත් සාම්බ්‍රානිවලටත් එක විටම මතුරා ගන්න.
සුරං සුර දිෂ්ටි - අසුර දිෂ්ටි - ලංකා දිෂ්ටි
ලංකා විෂ්ණු දිෂ්ටි - විෂ්ණු අවතාර දිෂ්ටි - ඊශ්වර
දිෂ්ටි - ඊශ්වර අවතාර දිෂ්ටි - ක්‍රාතේස්වර දිෂ්ටි
ක්‍රාතේස්වර අවතාර දිෂ්ටි - නාතේස්වර දිෂ්ටි
නාතේස්වර අවතාර දිෂ්ටි - සව්දේව දිෂ්ටි - සර්ව
දේවතා දිෂ්ටි - සරස්වති දිෂ්ටි - සරස්වතී
මුඛ තුළ දිෂ්ටි - ශ්‍රියා දේව දිෂ්ටි -
ශ්‍රියා දේව අවතාර
දිශයි - මා ගිය තැන් - ආ තැන් යන්ත්‍ර මන්ත්‍ර
කලඑළි දිශයි - ඒං ඒං ඒං
ඉඳහිට ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්න. බ්‍රහස්පති - බුධ අයහපත්නම් ඔබේ යහපත් ගුරුන්ට සත්කාර කරන්න. හැකි පමණින් කෙසේ හෝ ඔබගේ නිවසේ හෝ පදිංචි ඉඩමේ ඔබට හිමි කිසියම්ම වස්තුවක් ඇති බව හැඟී ගියහොත් මාසේ පුර තිථිය පවතින දිනයක ප්‍රේත තටුවක් දීමට කටයුතු යොදා ගන්න.
ජ්‍යොතිර්වේදී
මීපේ ගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න