
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතය.
ඊයේ (28) අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබුණ ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය අත්හැර දැමීමට සිදුවිය.
චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පස්වරු 7.30 තරගය අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතය.